රට වෙනුවෙන් යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කිරීම ගැන සතුටුයි - අගමැති | දිනමිණ


 

රට වෙනුවෙන් යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කිරීම ගැන සතුටුයි - අගමැති

50 වසරක පාර්ලිමේන්තු දිවිය තුළදී තමන්ගෙන් රටට ඉටුවිය යුතු යුතුකම් සියල්ල නොපිරිහෙලා ඉටු කිරීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
 
අද(30) පෙරවරුවේ මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා දළදා සමිදුන් වැද පුදාගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේය.  
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.
 
ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ මෙන්ම එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ බැහැ දුටුවේය.
 
පසුව අස්ගිරි මහවිහාරය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්වහන්සේ ඇතුලු කාරක සංඝ සභාවේ ස්වාමීන්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
 
මෙම අවස්ථාවට හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල,  ලොහාන් රත්වත්ත හා දිලුම් අමුණුගම යන මහත්වරුන් ද එක්ව සිටියහ.
 

නව අදහස දක්වන්න