ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 304 ක් දිවයිනට | දිනමිණ


 

ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 304 ක් දිවයිනට

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 304 දෙනෙකු රැගත් ශ්‍රී ලාංකික ගුවන් යානා දෙකක් අද(30) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.
 
ඉන්දියාවේ මුම්බායි සිට ශ‍්‍රී ලංකා ත‍්‍රිවිද හමුදා සාමාජිකයන් 18 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් -1042 ගුවන් යානය අද අලුයම 4.45 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇත.
 
එසේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගත් දෙවන ගුවන් යානය වන යූඑල් -605 ගුවන් යානය අද අලුයම 5.50 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.
 
ගුවන්තොටුපලේ දී එම පිරිස සහ ඔවුන්ගේ ගමන් මලු විෂබීජහරණය කිරීමට පියවර ගැනුනි.
 
ඉන්පසු එම පිරිසව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බස්රථ මගින් නිරෝධායන කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

නව අදහස දක්වන්න