අමෙරිකාව, WHO සම්බන්ධතාවය අවසන් කරයි | දිනමිණ


 

අමෙරිකාව, WHO සම්බන්ධතාවය අවසන් කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ සිය රට පවත්වාගෙන ගිය සම්බන්ධතාවය අවසන් කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 
 
කොරෝනා වෛරස් වසංගතය පාලනය කර ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපොහොසත් වී ඇති බවට ජනාධිපතිවරයා චෝදනා කර තිබේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනය පූර්ණ ලෙස පාලනය කරන බවයි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.  වොෂින්ටනය සිය අරමුදල් වෙනත් ආයතන වෙත හරවා යවන ද බව ඔහු පැවසීය.
 
අමෙරිකාව යනු ගෝලීය සෞඛ්‍ය ඒජන්සියේ විශාලතම තනි දායකයා වන අතර එය 2019 වසරේ දී ඩොලර් මිලියන 400කට වඩා සපයා ඇත. 

නව අදහස දක්වන්න