සොයිසාපුර වෙඩි තැබීමට සැකකරුවෙකු STFඅත්අඩංගුවට | දිනමිණ


 

සොයිසාපුර වෙඩි තැබීමට සැකකරුවෙකු STFඅත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට එල්ලකල වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඊයේ (30) රාත්‍රී 8 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිළධාරීන් විසින් පානදුර එලුවිල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කලේය.
 
අනතුරුව එම තැනැත්තා ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
 
34 හැවිරිදි මොහු මොරටුව අගුලාන සමුද්‍රාසන්න පාරේ පදිංචි අයෙකු වන අතර ඔහු සතුව තිබූ ජංගම දුරකථනය සහ සිම් කාඞ් පත පොලිස් භාරයට ගෙන තිබේ.
 
සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

නව අදහස දක්වන්න