විරෝධතාකරුවන් මෙල්ල කිරීමට හමුදා බලය යොදවන්න ජනපති ට්‍රම්ප් සැරසෙයි | දිනමිණ


 

විරෝධතාකරුවන් මෙල්ල කිරීමට හමුදා බලය යොදවන්න ජනපති ට්‍රම්ප් සැරසෙයි

පොලිස් අත්අඩංගුවේ දී කළු ජාතිකයකු මිය යෑම සම්බන්ධව අමෙරිකාවේ ඇති වී තිබෙන සිවිල් නොසන්සුන්තා නතර වන්නේ නැති නම් කැරැලිකරුවන් මර්දනය කිරීමට හමුදාව යොදවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කරයි. ප්‍රාන්තවල සහ නගරවල පාලකයන්ට තම ප්‍රදේශවල ඇති වී තිබෙන නොසන්සුන්තා විසඳා ගැනීමට නොහැකි නම් හමුදාව යොදවා ඉක්මනින් ප්‍රශ්නය විසඳා දීමට කටයුතු කරන බවද ජනාධිපති ට්‍රම්ප් කීවේය.

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තා මේ වන විට 7 වැනි දිනටත් පැවැත්විණි. ධවල මන්දිරය අසල ප්‍රදේශයේ උද්‍යානයක රැස් වී සිටි විරෝධතාකරුවන් පොලීසිය විසින් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර විසුරුවා හැර තිබිණි.

පොලීසිය විසින් විරෝධතාකරුවන් පළවා හැරීමෙන් අනතුරුව එම උද්‍යානය හරහා ජනාධිපති ට්‍රම්ප් අසල විනාශකර තිබූ පල්ලියක් වෙත ගමන් කළ අතර මේ කටයුත්ත හුදු ප්‍රචාරාත්මක වාසි උදෙසා සිදු කළ කාර්යයක් යැයි ඇතැම් විචාරයෝ මත පළ කර ඇත.

නව අදහස දක්වන්න