මෙරට සුවය ලැබු සමස්තය 990 ක් දක්වා ඉහළට | දිනමිණ

මෙරට සුවය ලැබු සමස්තය 990 ක් දක්වා ඉහළට

අද (08) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
කොවිඩ් - 19 ආසාදිතව සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 34 දෙනෙකු සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 522 දක්වා ඉහළ ගොස් ඇත.
 
ඊයේ(07) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් - 19 ආසාදිතයින් ගණන 21ක්.
 
ඒ අතරින් 16 දෙනකුම කුවේට්හි සිට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් වෙයි.
 
මේ අතර අද වන විට කොරෝනා ආසාදිතයින් 834 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
 

නව අදහස දක්වන්න