පාසල් විවෘත කිරීම ලබන 29 දා සිට අදියර 4කින් | දිනමිණ

පාසල් විවෘත කිරීම ලබන 29 දා සිට අදියර 4කින්

පාසල් පවත්වන කාලයත් වෙනස් වෙයි

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් තිස්සේ පැවති පාසල් නිවාඩු කාලය මේ මස 29 දායන් අවසන් කර අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (9) පැවැසීය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාස 3කට ආසන්න කාලයක් තිස්සේ පැවති පාසල් නිවාඩු කාලය මේ මස 29 දායන් අවසන් කර අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට රජය තීරණය කර ඇති බව අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (9) පැවැසීය.

එහි පළමු අදියර ලෙස ජූනි මස 29 වෙනදා සිට ජූලි 3 වනදා දක්වා වූ කාල සීමාවේදී විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසලට පැමිණ පාසල් විෂබිජහරණය කිරීම ඇතුළු කටයුතු සුදානම් කළ යුතු බව හෙතෙම කීවේය.

දෙවන අදියර යටතේ ජුලි මස 6වෙනි දා සිට ජුලි 17 දක්වා 13, 11 සහ 5 ශ්‍රේණියේ සිසු සිසුවියන් පාසලට කැඳවන අතර තෙවන අදියර ලෙස ජූලි මස 20 දා සිට 24 දක්වා 12 සහ 10 ශ්‍රේණිවල සිසු සිසුවියන්, සිව්වෙනි අදියර ලෙස ජූලි මස 27 වෙනිදා සිට 3,4,6,7,8 සහ 9 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් පාසල වෙත රැගෙන ඒමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (9) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමැතිවරයා කියා සිටියේය.

මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින දක්වාත්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 13වැනි ඉරිදා දිනයෙදීත් පැවැත් වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (9) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ඇමැතිවරයා කියා සිටියේය.

එමෙන්ම පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසු දරු දැරියන් පාසල වෙත කැඳවීම සම්බන්ධයෙන් මේ දක්වා දිනයන් තීරණය කොට නොමැති බව අධ්‍යාපන ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. පාසල් විවෘත කිරීමෙන් පසු එහි පවත්වනු ලබන කාල වේලාවන් ද සංශෝධනයට ලක්කර තිබේ. ඒ අනුව 3 සහ 4 ශ්‍රේණිවල සිසු සිසුවියන් උදෑසන 7.30 සිට 11.30 දක්වාත්, 5 වසර ශ්‍රේණියේ සිසු සිසුවියන්ට උදෑසන 7.30 සිට 12 දක්වාත්, 6 වසරේ සිට 9 වසර දක්වා ශ්‍රේණිය සඳහා පෙරවරු 7.30 සිට 1.30 දක්වාත්, 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පෙරවරු 7.30 සිට සවස 3.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.

මේ අතර පාසල් විවෘත කිරිමෙන් පසු පවත්වන කාල වේලාවන් සංශෝධනයට ලක් කරන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුරම මහතා ඊයේ (9) ප්‍රකාශ කළේය.

ඒ අනුව 3 සහ 4 ශ්‍රේණිවල සිසු සිසුවියන් උදෑසන 7.30 සිට 11.30 දක්වා පාසල් පැවැත්වේ.

5 වසර ශ්‍රේණියේ සිසු සිසුවියන්ට උදෑසන 7.30 සිට 12 දක්වා පාසැල පවත්වනු ලබයි . 6 වසරේ සිට 09 වසර දක්වා ශ්‍රේණිය සඳහා පාසැල පවත්වනු ලබන්නේ පෙරවරු 7.30 සිට 1.30 දක්වායි.

10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පවත්වනු ලබන්නේ පෙරවරු 7.30 සිට සවස 3.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේ ය.

සිතාරා සේනානී සහ නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න