සජිත්ගේ නව පක්ෂය සෝදාපාළුවට ලක් වෙලා | දිනමිණ


 

සජිත්ගේ නව පක්ෂය සෝදාපාළුවට ලක් වෙලා

අසේල කුරුළුවංශ

හිටපු රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගොස් ගොඩනැගූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙටි කාලයක් තුළ දැවැන්ත දේශපාලන බලවේගයක් ලෙස නැඟී සිටීම පුර්වාදර්ශයට ගනිමින් සජිත් ප්‍රේමදාස මහතා එජාපයෙන් කැඩී ගොස් නව පක්ෂයක් බිහිකළත් අද එය සෝදාපාළුවට ලක්ව ඇතැයි හිටපු රාජ්‍ය ඇමැති, ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මහනුවර අනිවත්තේ ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.

“වසර පනහක ඉතා සාර්ථක දේශපාලන ගමන් මඟකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා හා පියාණෝ සිහිකරමින් තමන්ගේ වැඩපිළිවෙළක් නොමැතිව වැඩකරන සජිත් ප්‍රේමදාස මහතා අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. පක්ෂය පිහිටුවා මාස හයක් වැනි කෙටි කාලයක් තුළ පළාත් පාලන මැතිවරණයට මුහුණදී මෙරට පළාත් පාලන ආයතන 342න් අතිබහුතරයක බලය ලබා ගැනීමට පොදුජන පෙරමුණට හැකි වුණා.

එජාපයට එහිදී ලබා ගැනීමට හැකි වූයේ ආයතන 49ක බලය පමණයි. දෙමළ සන්ධානය උතුරට තරඟකර ආයතන 36ක් ගත්තා. පොහොට්ටුව හදලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම මේ ආකාර ජයග්‍රහණයක් ලබාගත්තා නම් ඇයි මට බැරි කියා සජිත් ද නව පක්ෂයක් බිහි කළා. එදා එජාපයෙන් කැඩී ගොස් රාජාලියා බිහි කළ අවස්ථාවේ පාක්ෂිකයන් තුළ වූ උද්‍යයෝගවත් මෙවර දක්නට නෑ.

මෙවර මහ මැතිවරණයෙන් පසු තවත් පක්ෂ සම්බන්ධකර ගනිමින් ජාතික ආණ්ඩු පිහිටුවීමට කිසිදු අවශ්‍යතාවක් පැන නඟින්නේ නෑ. පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බලය පහසුවෙන්ම හිමිවෙනවා. ඒ මහතා දැන් උත්සහ කරන්නේ තුනෙන් දෙකක බහුතරය ලබා ගැනීමට පමණයි.

නව අදහස දක්වන්න