ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 ගන්නවා | දිනමිණ


 

ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය 2/3 ගන්නවා

අසේල කුරුළුවංශ

නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බී. දිසානායක

මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය තුනෙන් දෙකක බලයක් ලබාගන්නා බැවින් එජාපය හෝ සමඟි ජනබලවේගය සමඟ හෝ ජාතික ආණ්ඩුවක් ඇති කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හිටපු රාජ්‍යය ඇමැති සහ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසීය.

ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ පෙරේදා (27) පැවති තරුණ හමුවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසූ දිසානායක මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

එජාපය හා සමඟි ජනබලවේගය පක්ෂ දෙකක් වුවත් ආකල්පමය වශයෙන් එම දෙපිරිසම ඉන්නේ එකම මතයක. ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ හා ඔවුන්ගේ ආකල්ප කිසිසේත් ගැලපෙන්නේ නෑ.

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොහොට්ටුවෙන් තරග කරද්දි තවත් පිරිසක් අත සලකුණ යටතේ තරග කරන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙවර මැතිවරණයෙන් අවාසියක් සිදුවෙනවා.

නව අදහස දක්වන්න