පාකිස්තාන ක්‍රීඩකයෝ එංගලන්තයට ගොඩ බසිති | දිනමිණ


 

පාකිස්තාන ක්‍රීඩකයෝ එංගලන්තයට ගොඩ බසිති

ටෙස්ට් තරග 3කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තය බලා පිටත් වූ ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන කණ්ඩායම පෙරේදා මැන්චෙස්ටර් නුවරට ගොඩ බැස්සේය. කුලියට ගත් ගුවන් යානයකින් පාකිස්තානයේ ලාහෝර් නුවරින් ගුවන්ගත වූ පාකිස්තාන කණ්ඩායම මැන්චෙස්ටර් ගුවන්තොටුපළින් එංගලන්තයට ගොඩ බැසීමෙන් පසු එරට දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුව කටයුතු කරමින් ගුවන්තොටු පළෙන් පිටත්ව ගියේය.

මුව ආවරණ පැලඳ, සමාජ දුරස්ථභාවය රඳවා තබා ගනිමින් සිය එංගලන්ත සංචාරය ආරම්භ කිරීම පාකිස්තාන ක්‍රීඩකයන්ට මෙන්ම සත්කාරක එංගලන්තයට ද නව අත්දැකීමක් විය.

පාකිස්තාන කණ්ඩාමේ සියලු සාමාජිකයන්ට දින 14ක නිරෝධායන වීමට සිදු වන අතර, එම කාලය ඇතුළත පුහුණුවීම් සිදු කිරීමට කිසිදු බාධාවක් නොමැති බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

නව අදහස දක්වන්න