සමඟි ජනබලවේගයේ තිබෙන්නේ සමාන චින්තනයක් | දිනමිණ


 

සමඟි ජනබලවේගයේ තිබෙන්නේ සමාන චින්තනයක්

හිටපු පා.ම. ඉරාන් වික්‍රමරත්න

MCC ගිවිසුම් වාර්තාව කඩිනමින් ජන ගත කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේ ය .

මේ ගිවිසුම සම්බන්ධයෙන් ඩොලර් මිලියන10ක් ලබා දී තිබෙනවා නම්, විගණන දෙපාර්තමේන්තුව හරහා ඒ බව සොයා ගන්න පුළුවන්. මහා භාණඩාගාරය හරහා දැනගන්නටත් පුළුවන. ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් ට්විටර් පණිවිඩයක් තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 480ක ප්‍රදානය යටතේ එම්සීසී මුදල් රජය වෙත කිසිවිටෙක මාරු කර නොමැති අතර වියදම් කිරීමක් ද කර නොමැත කියා එහි තිබෙනවා. ප්‍රදානය කරන අයම ඒ බව කියනවා. මේ වෙලාවේ ජනතාවට තිබෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්. විරැකියාව තිබෙන වෙලාවක්. මේ අය හිතන්නේ ජනතාවගේ අතේ මුදල් තිබුණා නම් ප්‍රශ්නය හරි කියා. නමුත් මුදල් අච්චු ගහලා දුන්නා කියා ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. නිෂ්පාදනය වැඩි වුණේ නැති නම්, ඒ භාණ්ඩ හා සේවා නම් තිබෙන්නේ මුදල් වැඩි කළා කියා ඒවා භාණ්ඩ හා සේවාවලට ලැබෙන්නේ නෑ. මුදල් අච්චු ගහන්න නම් පාර්ලිමේන්තු අවසරය අවශ්‍යයි.

මේ ගිවිසුමෙන් රට බෙදනවා කිව්වා. සමගි ජන බලවේගය අපේ ප්‍රතිපත්තිය හරි පැහැදිලියි. අපේ ජාති, ආගම්, කුල, පන්ති භේද නෑ. ඔක්කෝටම එක හා සමානව ක්‍රියාකරන චින්තනයක් තමයි සමඟි ජනබලවේගයේ තිබෙන්නේ.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න