MCC ගැන රජයේ ස්ථාවරය දැනුම් දෙන්න | දිනමිණ


 

MCC ගැන රජයේ ස්ථාවරය දැනුම් දෙන්න

ශිරෝමි අබයසිංහ

එජාප නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන

විපක්ෂයට බොරු චෝදනා එල්ල නොකොට MCC ගිවිසුම පිළිබඳ රජයේ පැහැදිලි ස්ථාවරය ජනතාවට දැනුම්දීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය. රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ කළේ හිටපු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ කඳාන නිවෙසේ පැවති එජාප ක්‍රියාකාරී හමුවකට පෙරේදා පෙරවරුවේ එක්වෙමිනි .එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී මෙන්ම මෙවරත් MCC ගිවිසුම පිළිබඳ කරුණු ඇඳා ගනිමින් පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට උත්සහ කිරීම කණගාටුදායක තත්ත්වයක්. පසුගිය රජය විසින් MCC ගිවිසුමට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන දහයක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනාවක් එල්ල කරමින් කටයුතු කරන කණ්ඩායම වහාම එලෙස මුදල් ලබා ගත් පුද්ගලයන් පිළිබද රටට හෙළි කල යුතු බවට අභියෝග කරනවා. MCC ගිවිසුමට අදාලව කිසිදු මුදලක් පසුගිය රජයට ලබා නොදුන් බවට ඇමෙරිකානු තානාපති කාර්යාලයද නිල වශයෙන් ප්‍රකාශයක් ද සිදුකර ඇති මොහොතක රාජපක්ෂ පාලනය විසින් අභූත චෝදනා එල්ල කරමින් සිටීම කනගාටුදායක තත්ත්වයක්.

 

නව අදහස දක්වන්න