බඳින්න කලින් ෆොටෝ ගන්න ගිය යුවළ සේර ඇල්ලට වැටෙයි | දිනමිණ


 

බඳින්න කලින් ෆොටෝ ගන්න ගිය යුවළ සේර ඇල්ලට වැටෙයි

පෙම්වතා මරුට ,පෙම්වතිය බේරෙයි

මංගල ඡායාරූප ගැනීමට (ප්‍රීෂුට්) ගිය නව යුවළක් ලග්ගලදී සේර ඇල්ලට වැටීමෙන් මනමාලයා ජිවිතක්ෂයට පත්ව ඇති බවත් මනමාලිය ජිවිතය බේරාගෙන ඇති බවත් ලග්ගල පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ එස් කේ ශිරන්ත සංජය රත්නසුරිය නමැති (27) කිරිවන්න, පන්සියගම කුරුණැගල පදිංචි අයෙකි. 28 වැනි දින සවස 4.20 ට පමණ නව යුවළ ඡායාරූප ගැනීමට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මේ අවසානාවන්ත සිද්ධියට මුහුණ දීමට සිදුව ඇත.

සිද්ධියෙන් මිය ගිය පුද්ගලයා සෙවිම සඳහා රාත්‍රී වනතෙක්ම සොදිසි මෙහෙයුම් සිදු කළත් මළ සිරුර සොයා ගැනීමට අපහසු විය.

මේ මනාල යුවළ ජුලි මස 17 සහ 19 වැනි දින විවාහ ගිවිස ගැනීම සඳහා කටයුතු සංවිධානය කර සුන්දර ස්ථානයක සිට ඡායාරූප ගැනීමටද තීරණය කරමින් 28 වැනි දින නිවසින් පිටත්ව දහවල් 3 ට පමණ සේර ඇල්ලට ළඟා වි සිරි නරඹමින් ඡායාරූප ගැනීම ආරම්ඹ කර ඇති බවට අනාවරණය වි ඇත. කාලය ගෙවී යාමත් සමඟ පැයකුත් විනාඩි 20 ගතවෙත්ම දිය රකුසාට බිලිවු යුවළ කෙසේ හෝ මනමාලිය වන්නට සිට ඇය ජිවිතය යාම්තමින් බෙරාගෙන ඇත. කෙසේ නමුත් මේ ගමනට සත් (7) දෙනකුගෙන් සමන්විත පිරිසක් එක්විමත් මවිතයට කරුණක් වන්නට ඇතැයි බොහෝ අය පවසති.

සියලු කාරනා හා කතා බස් අවසන් කර 28 වැනි දින ගමනට පිටත් වුයේ විවාහ ගිවිස ගැනීමට සිටි සහකාරිය හා ඇගේ මවත් සහකරුගේ මවත් මනමාලිගේ අක්කා ඡායාරූප ශිල්පී මහතා පමණි.

කෙසේ වෙතත් සවස් ජාමය හිරු බසින්න ඹන්න මෙන්න කියා අඳුර වැටිගෙන එද්දී රැහියන්ගේ හඬත් සමඟ සීතල වනරෝදට පෙම්බැදි දිය රකුසන් බලා සිටියදී නව යුවළ සේල්ෆි ඡායාරූපයක් ගැනීමට සැරසෙත්ම එක පාරටම සිතා ගත නොහැකිව දිය ඇල්ලට වැටිමෙන් සහකරු සොයා ගත නොහැකි විය.

ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක.ටි.බි.ඒ. රනවිර මහතාට ලද තොරතුරත් මත වහාම පොලිස් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ ආරම්ඹ කළත් අවසානයේ මළ සිරුර සොයා ගැනීමට නාවික හමුදාවේ සහාය ලබාගෙන මළ සිරුර ගොඩට ගෙන දඹුල්ල මහ රෝහල වෙත මරණ පරීක්ෂණය සඳහා යොමු විය .

ලග්ගල පොලිසිය සියලු පරීක්ෂණ සිදු කරන අතර සැරයන් 27156 රණසිංහ මහතාද පරීක්ෂණයට සහාය විය.

මාතලේ දිස්ත්‍රික් සංචාරක ප්‍රියන්ත සුමනසේන සහ සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න