පාකිස්තානයේ සිට පැමිණි 03කට කොරෝනා | දිනමිණ


 

පාකිස්තානයේ සිට පැමිණි 03කට කොරෝනා

 
ඊයේ (29) වාර්තා වූ නව රෝගීන් පස් දෙනා ද සමග මෙරට කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 2042 දක්වා ඉහළ ගොස් තිබේ.
 
එම රෝගීන් පස්දෙනාගෙන් තිදෙනෙකු පාකිස්ථානයේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. අනෙක් දෙදෙනා බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්ය.
 
ඒ අනුව මේ වන විට කොවිඩ් 19 රෝගීන් 353 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 
‍කොවිඩ් 19 රෝගින් 1678 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
 

නව අදහස දක්වන්න