රාජිත පෙත්සම ඉල්ලා අස්කර ගනී | දිනමිණ

රාජිත පෙත්සම ඉල්ලා අස්කර ගනී

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමක් අද (30) ඔහු විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
 
ඒ අද දින මෙම පෙත්සම අභියාචනාධිකරණයේ දී කැදවූ අවස්ථාවේ දීය.
 
රාජිත සේනාරත්නගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ, තම සේවාදායකයා මේ වන විට ඇප මත මුදාහැර ඇති බැවින් ඉදිරියට මෙම පෙත්සම පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.
 
සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැර ගැනීමක් සිදු වූ බවට පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් රාජිත සේනාරත්න අභියාචන පෙත්සමක් ගොනු කර තිබුණි.
 
රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගය දෝෂ සහිත බවට තීන්දු කළ කොළඹ මහාධිකරණය එම ඇප නියෝගය අවලංගු කිරීමට පසුගිය 14 වැනිදා නියෝග කලේය.
 
කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කරන ලද එම නියෝගය අභියෝගයට ලක්කරමින් මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබුණි
 

නව අදහස දක්වන්න