MCC සමාලෝචන වාර්තාව ගැන ඇමරිකාව දැනුවත් කරයි | දිනමිණ


 

MCC සමාලෝචන වාර්තාව ගැන ඇමරිකාව දැනුවත් කරයි

පසුගිය දා ප්‍රකාශයට පත් කළ MCC සමාලෝචන වාර්තාව ගැන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්  ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාව දැනුවත් කර තිබේ.
 
 ඒ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඊයේ (29) දුරකථන සංවාදයක නිරත වූ බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි
 
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ද ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගෙන ඇත.
 
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ස්වෛරීභාවය උදෙසා තවදුරටත් කැපවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා එහිදී පවසා තිබේ.
 
මෙරට ජනතාව සමග පවතින අමෙරිකානු සබඳතා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
 

නව අදහස දක්වන්න