ළමා පරපුරේ දැනුම සහ පෝෂණයට ‘CBL සමපෝෂ’ නව පියවරක් තබයි | දිනමිණ


 

ළමා පරපුරේ දැනුම සහ පෝෂණයට ‘CBL සමපෝෂ’ නව පියවරක් තබයි

මාස දෙකකට වැඩි කාලයක් පුරා නි‌ෙවසේ කාලය ගත කරන කුඩා දරු දැරියන්ගේ දැනුම සහ පෝෂණය අරමුණු ‍කර ගනිමින්, ඔවුන්ගේ ආදරය දිනාගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන ඩිජිටල් අවකාශය ඔස්සේ එළිදැක්වීමට CBL සමපෝෂ මේ වන විට පියවර ගෙන තිබේ.

ගුණයෙන් හා පෝෂණයෙන් පිරුණු පරපුරක් බිහි කිරීමට කැපවුණු ‘CBL සමපෝෂ’ සෑමවිටම මෙරට ළමා පරපුරේ අභිවෘද්ධිය තම ප්‍රමුඛ වගකීමක් කොට සලකන අතර, මේ ඩිජිටල් වැඩසටහන එළිදැක්වුණේ කොවිඩ්-19 වසංගතය හමුවේ දරුවන්ගේ දැනුම වර්ධනය හා පෝෂණය පිළිබඳ නිරන්තර අවධානයක් දක්වන මවුපියන්ට සහායක්වීමේ අරමුණ පෙරදැරි කරගනිමිනි. ඒ අනුව මෙතෙක් කල් පාසලට, පෙර පාසලට ගමන්ගත් ‘සමපෝෂ දිනන දරුවෝ’ වැඩසටහන, සමපෝෂ ෆේස්බුක් පිටුව (https://www.facebook.com/samaposha.lk/) හරහා නි‌ෙවසේදීම කුඩා දරුවන්ගේ අධ්‍යාපනික හා විනෝද ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මවුපියන්ට මඟ පෙන්වනු ඇත.

තව ද මවුපියන්ට ළමයින්ගේ වත්මන් මානසික ස්වභාවය වටහා ගැන්මට සහාය වෙමින් ජාත්‍යන්තර කීර්තිය දිනූ ළමා මනෝවිද්‍යාඥවරියක ද මේ ඩිජිටල් වැඩසටහන හා එක්ව සිටින්නීය. දරුවන් නිවසට වී ගෙවන කාලය ඵලදායීව ගත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඇය එහිදී විද්‍යාත්මක පදනමකින් අදහස් ඉදිරිපත් කරයි. විශේෂයෙන්ම දර්ශීය කාලසටහනක් ඔස්සේ දරුවන් අධ්‍යාපනය, ක්‍රීඩාව, විනෝදය මෙන්ම පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීම, ආගමික කටයුතුවල නිරතවීම ආදී විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් එමගින් මවුපියන්ට පිරිනැමේ.

 

නව අදහස දක්වන්න