පීපල්ස් ලීසිං ත්‍රිකුණාමලය ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ්‍රයක | දිනමිණ


 

පීපල්ස් ලීසිං ත්‍රිකුණාමලය ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ්‍රයක

ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ත්‍රිකුණාමලය ශාඛාව, ගනුදෙනුකරුවන්ට වඩාත් සුව පහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ්‍රයක (අංක 275, කෙලින් වීදිය, ත්‍රිකුණාමලය) එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, සබ්‍රි ඊබ‍්‍රහිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. ත්‍රිකුණාමලය හා එය අවට ප්‍රදේශයේ පසුගිය කාලයේ දී ඇතිවූ සංචාරක හා ධීවර ව්‍යාපාරයෙහි දියුණුවෙන් නව ව්‍යාපාරික අවස්ථා බිහිවීමත් සමඟම එම ශාඛාවේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය ඉහළ යෑම මත එම ශාඛාව වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත නව පරිශ්‍රයකට ගෙවැදීම සිදුවිය.

පීපල්ස් ලීිසිං ත්‍රිකුණාමලය නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලයනල් ප්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) ලක්සඳ ගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මෙහෙයුම්) ගනේෂන් තුෂ්යන්තන් හා ත්‍රිකුණාමලය පීපල්ස් ලීිසිං ශාඛා කළමනාකරු, කේ. කමලකරන් මහතා ඇතුළු ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ ත්‍රිකුණාමලය නව ශාඛා පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී, සබ්‍රි ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘ත්‍රිකුණාමලය නගරය හා අවට ප්‍රදේශයේ පසුගිය වකවානුවේ ඇතිවූ ශීඝ‍්‍ර දියුණුව හා සංචාරක කර්මාන්තය සමඟ ඇතිවූ පුනර්ජීවනය හේතුවෙන් නව ව්‍යාපාර හා නව ජීවනරටාවක් බිහිවූවා. ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය සේවා අවශ්‍යතා මේ වනවිට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. තම විවිධාකාර මූල්‍ය අවශ්‍යතා සම්බන්ධයෙන් මේ ප්‍රදේශයේ ජනතාව පීපල්ස් ලීිසිං සමාගම කෙරෙහි වැඩි විශ්වාසය තැබීම අප සමාගම පැත්තෙන් වඩාත් සුබවාදී තත්ත්වයක්. එම පදනම මත ත්‍රිකුණාමලයට නව ශාඛා පරිශ්‍රයක අවශ්‍යතාව අපට වැටහුණා.’ යන්නය.

 

නව අදහස දක්වන්න