බ්‍රියෝනා ටේලර්ගේ ඝාතනයට එරෙහිව විරෝධතාවකට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට | දිනමිණ


 

බ්‍රියෝනා ටේලර්ගේ ඝාතනයට එරෙහිව විරෝධතාවකට වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට

බ්‍රියෝනා ටේලර්ගේ ඝාතනයට එරෙහිව ලුවිස්විලීහි කෙන්ටකීවල පැවැති විරෝධතාවක් දෙසට විවෘතව වෙඩි තැබූ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. නම අනාවරණය කොට නොමැති සැකකරු රෝහල්ගත කර ඇති අතර පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් ද ලබාගෙන ඇතැයි පොලිස් ප්‍රධානී රොබර්ට් ස්රෝඩර් පවසයි.

මේ වෙඩි තැබීමෙන් එක් අයකු මියගොස් ඇති අතර ඔහු 27 හැවිරිදි ටයිලර් ගර්ත් ලෙස හඳුනාගෙන තිබේ. මේ වෙඩි තැබීමේ අරමුණ කුමක්දැයි තේරුම් ගැනීම අපහසු බව ලුවිස්විලී නගරාධිපති ග්‍රෙග් ෆිෂර් කීය.

නව අදහස දක්වන්න