කොරෝනාවලින් ලෝකයේ මියගිය සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවලා | දිනමිණ


 

කොරෝනාවලින් ලෝකයේ මියගිය සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවලා

ජොන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි

ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසන පරිදි කොරෝනා වයිරසයෙන් මේ වන විට ලෝකයේ මියගිය සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඒ මරණවලින් හතරෙන් එකක් වන 125,803ක් අමෙරිකාවෙන් වාර්තා වීම විශේෂත්වයකි.

මේ මියගිය පිරිස වැඩියෙන් වාර්තා වන අනෙත් රටවල් වන්නේ බ්‍රසීලයෙන් 57,622ක්, බ්‍රිතාන්‍යයෙන් 43,634ක්, ඉතාලියෙන් 34,738ක්, ප්‍රංසයෙන් 29,781ක්, ස්පාඤ්ඤයෙන් 28,343ක් මෙක්සිකෝවෙන් 26,648ක් සහ අසල්වැසි ඉන්දියාවෙන් 16,475ක් වශයෙනි.

නව අදහස දක්වන්න