මැතිවරණ නීති කැඩූ 83ක් අත්අඩංගුවට | දිනමිණ


 

මැතිවරණ නීති කැඩූ 83ක් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊයේ (30) අලුයම 6වන විට පුද්ගලයන් 83දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අය අතර වැඩිදෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීම් සම්බන්ධයෙන් කිසිදු දේශපාලන බලපෑමක් මෙතෙක් පොලීසියට එල්ලවී නැති බවත්, එය යහපත් ප්‍රවණතාවක් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න