පාසල් ආරම්භයට සියල්ල සූදානම් | දිනමිණ

පාසල් ආරම්භයට සියල්ල සූදානම්

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසු පාසල් ආරම්භ කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පසුගිය සතිය පුරා දිවයිනේ සියලු පාසල්වල විෂබීජහරණ කටයුතු, කාලසටහන් සකස් කිරීම ආදිය සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

අදියර කිහිපයක් යටතේ පාසල් වෙත සිසුන් කැඳවීම ලබන සඳුදා (06) දිනයෙන් ආරම්භ වන අතර පළමු අදියරේදී 5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීම සිදුවේ.

පසුගිය සතිය තුළ දිවයිනේ සියලුම පාසල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කිරීම සිදු කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසීය

නව අදහස දක්වන්න