රැප්ලිං කුලුන... | දිනමිණ

රැප්ලිං කුලුන...

ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා විශේෂ යාත්‍රා බළගණ මුලස්ථානයේ ඉදි කරනු ලැබු ප්‍රථම “රැප්ලිං කුලුන (Rappelling Tower)නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අතින් විවෘත කෙරිණි.

නාවික හමුදාව සතු සුවිශේෂි බළගණයක් වන විශේෂ යාත්‍රා බළගණයේ නාවිකයන්ගේ පුහුණු කටයුතු සඳහා මෙම රැප්ලිං කුලුන ඉදිකරන ලද්දේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශය මගිනි. රැප්ලිං කුලුන විවෘත කිරිම සලකුණු කරමින් විශේෂ යාත්‍රා බළගණ භට පිරිස් ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහිත විචිත්‍රවත් සංදර්ශනයක් ඉදිරිපත් කෙරිණි.

අඩි 60කින් යුත් මෙම කුලුන නාවික හමුදාව සතු සියලු පහසුකම්වලින් සමන්විත එකම කුලුන මෙය වේ. මෙම විවෘත කිරිමේ අවස්ථාවට නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතාද එක් විය.

ඒ.ටි.එම්.ගුණානන්ද - ත්‍රිකුණාමලය විශේෂ

නව අදහස දක්වන්න