ජනපතිතුමන්ගේ අදහස් යහපත් | දිනමිණ

ජනපතිතුමන්ගේ අදහස් යහපත්

ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලඇත්තෝ

මෙරට වත්මන් දේශපාලනය, නව ආණ්ඩුවේ පාලන ක්‍රමය හා ඉදිරියේදී රට කොයි දිශාවට ගමන් කරන්නේ ද යන්න පිළිබඳව ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලඇත්තෝ සමඟ දිනමිණ කළ සාකච්ඡාවකි.

• රට තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද ?

දේශපාලනය කියන දේ ගැන මේ ඇත්තෝ වැඩිය හිත්ලාන කොදුයි. මොකද මේ ඇත්තෝ රදානේ කැලෑ පොජ්ජේ. හැබැයි රට පොජ්ජේ මාම කැච්චම්වලට මංගච්චලා තිබෙනවා. දේශපාලනය කියන්නේ දේශයක් පාලනය කියන එකයි. හැබැයි දේශයක් පාලනය මන්දු කරනකොට ඒ පාලනයට තිබෙනවා එක එක අංශ පොජ්ජවල්. මේ ඇත්තන්ගේ රට පොජ්ජේ ගච්චලන දේශපාලනේ මේ ඇත්තන්ට හිත්ලාන සැකයි මොන විදියටද ගච්චන්නේ කියලා. දැන් තිබාපු ආණ්ඩු පොජ්ජේ අගමැති හූරගේ එක ආණ්ඩුවක්. ජනාධිපති හූරගේ තවත් ආණ්ඩුවක්. ඇමැති හූරලගේ වෙන ආණ්ඩු. එකමත එකමත හිත්ලාන ජොජ්ජෙට තමයි පාලනය මංගැච්චුවේ. මේ සැරේ ජනාධිපති හූරගේ අදහස් මාමකැච්චන් හොඳමයි. මේ ඇත්තේ මාමකැච්චන් ගරු කරනවා මන්දු තරනවා ඒ අදහස්වලට. හැබැයි ඒ ඇත්තන්ට කොයිතැනක් දුරට මන්දු කරන්න මන්දු වේවිද කියන එක සැක පොජ්ජෙ. හැබැයි මාමකැච්චක්ම හොඳමයි. මේ හැටිමට මංගැච්චුවොත්, හැම එක මම එකතු කරගෙන මංගැච්චුවොත් හොඳ ගමනක් මන්දු කරන්න මන්දුයි. මේ ඇත්තන්ට තිබෙන ගැටළුව තමයි මේ රට පොජ්ජේ පක්ෂ තිබෙනවා මාමකැච්චක්. හැබැයි මේ පක්ෂවල දේශපාලඥයන් හැම එකක්ම කතා කරන විදිය දිහා බැලුවම තේරේනවා මේ හැම කෙනොටම රට වෙනුවෙන් යමක් කරන්න වුවමනාවක් තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙක දිහා බැලුවම ඒ දෙකේම කතා පොජ්ජ එකමයි. රට පොජ්ජ සංවර්ධනය මන්දු කරන්න ඕන. රට පොජ්ජේ ආරක්ෂාව වගේ හැමදේම කතා දමනවා. මේ ඇත්තෝ කතා දමන්නේ මේ හැමෝම එකම දේ කතා කරන නිසා ඒ හැමෝම එකතු වෙලා වැඩ කළ යුතුයි කියලා.

එතකොට ඔය ඇත්තොත් එකම අදහස, මේ ඇත්තොත් එකම අදහස, අර ඇත්තොත් එකම අදහස. ඒ අනුව හැම එකම එකම අදහස නම් එක තැනකට මන්දුකරලා ඒකාසු වුණාම පහසු තැනයි නේ. එතකොට පහසු තැනින් රටේ සංවර්ධනය මන්දු කරනවා. දියුණු තැන, ආරක්ෂා තැන මන්දු කරන්න මාමකැච්චක් හොඳමයි.

මේ ඇත්තෝ හිත්ලන්නේ මේ ඇත්තෝ පාලනයට මංගැච්චුවොත් මේ ඇත්තෝන්ට ඕන විදියට පාලනය කරනවා. ඔය ඇත්තෝ හිත්ලන්නේ ඔය ඇත්තෝ පාලනයට මංගැච්චුවොත් ඔය ඇත්තෝන්ට ඕන විදියට පාලනය කරනවා. ඇයි එහෙම මන්දු වෙන්නේ. එහෙම මන්දු වීමක් කොදුයි. මේ කට්ටි පොජ්ජෙම එකම තැනකම ඉදිනව නම් එකම අදහස නම් මේ කට්ටි පොජ්ජේ එකම එකම තැන මන්දු වෙන්න ඕන. එකටම එක එකතු වෙලා රට පාලනය කරනව නම් හොඳයි. මේ ඇත්තන්ගේ රට පොජ්ජේ තිබෙන දේශපාලනේ මේ ඇත්තෝ මොන එකක් හරි ආරම්භ කරලා මන්දු කරලා මංගච්චලනකොට මේ ඇත්තෝ පැරදුන් පොජ්ජේ මන්දු වෙනවා. එතකොට ඊළගට එන ඇත්තෝ ඒ දේ එතැනම තියෙන්න ඇරලා තව එකමක් ආරම්භ කරනවා. එහෙම වුණාම මොන කාලයකදිවත් මේ රට දියුණුකරන්න අමාරුයි. එකම දේ දිගටම මංගච්චලන්න ඕන.

• ඔබ හිතන විදියට ඇයි මේ දෙගොල්ලෝ එකතු වෙන්නේ නැත්තේ?

මේක නේ මේ ඇත්තන්ටත් හිත්ලාගන්න අමාරු තැනයි. එතන තමයි මේ ඇත්තොත් කතා දමන්නේ. මේ ඇත්තන්ගේ අදහස නම් කණ්ඩායම් දෙකේම අදහස එකම නම් කණ්ඩායම් දෙක එක තැනකට එකතු වෙන්න ඕන. මේ ඇත්තන්ට හිත්ලන්නේ බලය කියන එක හින්ද තමයි මෙහෙම වෙන්නේ. මේ ඇත්තෝ බලය ලැබුණොත් ඒ ඇත්තම විතරයි ඒ බලය පාවිච්චි කරන්නේ. අනෙක්කෙනා හිත්ලාගෙන ඉන්නෙත් ඒ අදහසමයි. බල තන්හාව හින්ද මේ කණ්ඩායම් දෙකට එක තැනකට හිත්ලන්න මන්දු කරන්න බැරි තැනයි. මේ බලයට තන්හාවක් කොදුයි නම් පහසු තැනින් එකතුවෙන්න මන්දු කරන්න කොදුයි.

• ඔබ විශ්වාස කරනවද වත්මන් ජනාධිපතිවරයාට මේ රට නිසි තැනකට ගෙනියන්න පුළුවන්කමක් ලැබේවි කියලා?

ඇත්තටම මේ කාලමැච්ච මන්දු වෙනකොට ඒ ඇත්තෝ මංගච්චන මං ජොජ්ජේ මාමකැච්චක් හොඳමයි. ඉදරි කාල මැච්චේදි ඒ ඇත්තන්ට ශක්තියක් මංගැච්චුවොත් කණ්ඩාම එකතු තැන මන්දු වුණොත් මේ රට හොඳ තැනකට ගෙනියන්න පුළුවන් කියලා මේ ඇත්තෝ විශ්වාස කරනවා.

• ජනතාව වෙනුවෙන් නිසි තීන්දු තීරණ ගන්න තුනෙන් දෙකේ බලයක් ලබාදෙන්න කියලා ජනාධිපතුමා ඉල්ලනවා. ඔබ හිතන විදියට ජනාධිපතිවරයට තුනෙන් දෙකේ බලයක් ලබා දිය යුතු ද?

ඇත්තටම රටක් දියුණු තැන මන්දු කරන්න නම් ඒ ශක්තිය ඒ ඇත්තන්ට එය තිබෙන්නෙපයි. මේ කාලය මැද්දේ මන්දු කර බලද්දි, මේ ඇත්තෝ පක්ෂයකට කතා දමනවා නෙවෙයි. දැන් මේ ආණ්ඩුව මංගචචලා මාස පොජ්ජේ තුනමක් හතරක් වෙනවා. එතකොට හැම එකම බලාපොරොත්තු වෙනවා මේස මාස තුනමක් හතරක් යද්දි කතා කරපු හැම එකක්ම මන්දු කරන්න ඕනේ කියලා. එතන අමාරු තැනයි. ඕනෙම කෙනෙක්ට ඒක තේරුම් පොජ්ජේ මන්දු වෙන්න ඕන. එහෙම මන්දු කරන්න තරම් අමාරු තැනයි. ඒ ඇත්තන්ට කාල පොජ්ජක් දෙන්න ඕන. හැමකෙනෙක්ම මංගැච්චුවම කෝන පොජ්පේ පහමක්, දහයමක්, එහෙම කාල මැච්චචක් තියෙනවා නේ. එම කාල මැච්ච මැද තැනට වගේ මංගච්චද්දි කතා දමනව නම් මේ ඇත්තේ වැඩ පොජ්ජ කොදුයි. කතා දමන දේ කොරන්න ඕනේ කියලා කියනව නම් සාධාරණයක් තිබෙනවා. එහෙත් මාස තුන හතරකදි එහෙම කතා දමන එක ආධාරණයක් කොදුයි.

• පසුගිය ජනාධිපතිවරණයෙදී දෙමළ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයක් වත්මන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්නේ නැහැ. ඔබත් යම් වරිගයක් නියෝජනය කරන නායකයෙක්. ඔබ එය දකින්නේ කොහොම ද?

මේ ඇත්තෝ හිත්ලන්නේ මේ ජාති, ආගම්, කුල, උස් පහත් තියෙන හැටිමට බෙදුන් පොජ්ජේ වුණාම තමයි එකම එකම එක එක අංශවලට බර තැන මන්දු වෙන්නේ. මේ ඇත්තෝ ආදීවාසීයෙක්. මේ ඇත්තන්ගේ පරම්පරාවේ අපි ගෝත්‍රයක් වුණාට ම මේ ඇත්තෝ ජීවත් වෙන්නේ මේ රට පොජ්ජේ. එහෙම වෙද්දි මේ රට පොජ්ජේ මොන දේ කළත් මේ ඇත්තෝත් ඊට උදව් කරන්න ඕන. ඒ වගේ තමයි හැම ජාතියක්ම එකතු තැන මන්දු වෙන්න ඕන. ජාතීන් හැටියට වෙන වෙනම මන්දු වුණාම රටක් දියුණු තැන මන්දු කරන්න අමාරු තැනයි. මේ ඇත්තෝ උදාහරණයක් හැටියට කතා දැම්මොත් චිත්‍රයක් එක පාටකින් ඇදුන් පොජ්ජක් කළොත් ඒ විත්‍රය ලස්සන පොජ්ජක් කොදුයි. පාට පොජ්ජේ මාමකැච්චක් එකතු කරලා පාට පොජ්ජක් කළොත් ඒ චිත්‍රය ලස්සන මාමකැච්ක් ලස්සන කොදුයි. මේ විත්‍රය එකමක් මන්දු වෙන්න ඕනේ. හැබැයි මේ පාට හැමෙමක්ම එකතු වෙන්න ඕනේ. එහෙම මන්දු මේ රට ඉදිරි පොජ්ජේ දියුණු පොජ්ජේ මාමකැච්චන්න පුළුවන්.

• 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා රටට ගැළපෙන ලෙස සකස් විය යුතුයි කියන මතයක් ඇති වෙමින් තිබෙනවා. ඔබ හිතන විදියට එය වෙනස් විය යුතු ද?

ඔය ව්‍යවස්ථාවල් කියන එක ගැන මේ ඇත්තෝ හිත්ලන්න කොදුයි. මේ ඇත්තෝ හිත්ලන්නේ රටක් තියෙනවා. ආණ්ඩුවක් තියෙනවා පාලකයෙක් ඉන්නවා. මේ ඇත්තෝ හිත්ලන්නේ ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එකම එක එක ආණ්ඩු ආවම ඒ ඒ අයට ඕන විදියට හැදුම් පොජ්ජේ කරගන්නවා. මේ ඇත්තෝ හිත්ලානව මේ රට පාලනය කරන්න අමාරුම තැනතමයි ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක. රජාම ඇත්තෝ රදාපු කාලවල්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කොලුයි. පාලනයක් විතරයි. පාලනය හරි තැනෙන් මන්දු කරපු නිසා රජාකාරිලෝ ඇත්තෝ රට සංවර්ධනය කලා. රට දියුණු කලා. පරිසරය ආරක්ෂා කලා. ඒ එක්කමත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල්වලින් කරපු දේවල් නෙවෙයි. ඒ ඇත්තොන්ගේ පාලනෙන් ඒ ඇත්තෝ මන්දු කරපු දේවල්.මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පොජ්ජේන් නීත් හැදුම් කර ගත්තට පස්සේ මාමකැච්චක් අමාරු තැනයි.

• යහපාලන ආණ්ඩුව මේ රට පාලනය කළේ ජාත්‍යන්තරයට ඕනැ විදියටයි කියලා ජනතාව අතර කතාබහක් තිබෙනවා. ඇත්තටම අපි ජාත්‍යන්තරයට ඕනැ විදියට ද රට පාලනය කළ යුත්තේ?

මේ රට පොජ්ජේ එක එක කාලමැච්චවලදි එක එක රට පොජ්ජවල් වලින් යටත් පොජ්ජේ කරගෙන තිබෙනවා. එහෙම යටත් කරලා නිදහස් කරගත්ත 72 වැනි නිදහස් පසුගියදා සැමරුවා. මේ නිදහස සමරුවට තවමත් එක එක පැත්ත පොජ්ජේට බැදුම් පොජ්ජේ ලක්වෙලා ඉන්නවා. හැබැයි ඉතින් අමරිකාවෙන් හරි, චීනෙන් හරි, ජපානෙන් හරි වෙන රටකින් හරි කතා කරන කොට මේ ඇත්තොන්ට කොදුයි කොදුයි කියල ඉන්න බැරි තැනයි. මේ ඇත්තෝ නිදහස් පොජ්ජේ සැමරුම් කොරාට මේ ඇත්තෝ තාමත් එක එක තැන්වලදි බැදුම් පොජ්ජේ කරනවා. මේකට හේතුව තමයි මේ ඇත්තෝ එක එක රටවලට අත පාගෙන හිටපු එකයි. දැන් ඉතින් මේ ඇත්තොන්ට වෙලා තියෙන්නේ අර රට පොජ්ජේකින් කාතා දමන එකටත් හිස් පොජ්ජේ නැමුම් පොජ්ජේ කරන්න. හැබැයි මේ ඇත්තෝ විරුද්ධ වුණොත් බේරෙන්න අමාරුයි. ඉතින් රටක් නෙවෙයි මේ. මේ රටෙන් එයිනට ඇනෝ කොරාපු රටක්. අද අර රට පොජ්ජේ අතේ තමයි ලනු පොජ්ජ තියෙන්නේ. ඒ ඇත්තෝ ඇදුම් පොජ්ජ කරන කරන සැරේට අපේ ඇත්තෝන්ට නැටුම් පොජ්ජේ කරන්න තමයි වෙලා තිබෙන්නේ. එය කරුමයක්. මේ රට පාලනය කළ නායකයන්ගේ කොදු පොජ්ජේ තිබුණ ප්‍රශ්නයක්.

• ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයව ජාත්‍යන්තරයට ඕනැ ඕනැ විදියට හසුරුවන්න පුළුවන් වේවි කියලා ඔබ හිතනව ද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයට කොදු ජොජ්ජක් තිබුණොත් මන්දු කරගන්න හිත්ලැයි. මේ ඇත්තෝ විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂ හූරට කොදු ජේජ්ජක් තියෙයි කියලා. ඒකම තමයි ජාතියක් හැටියට තියෙන්න ඕනේ.

• ඔබ නියෝජනය කරන කොට්ඨාසය අපේ රටේම කොටසක්. එලෙස අපේම රටේ කොටසක් වුණ ආදිවාසී ජනතාවට පසුගිය යහපාලන ආණ්ඩුවෙන් උදව් උපකාර ලැබෙන්න ඇති?

ඉස්සර කාලේ ජොජ්ජේ මේ ඇත්තන්ට දේශපාන ඇත්තොන් අවශ්‍ය වුණේ නැහැ. ඡන්දයක් වුවමනා ජොජ්ක් වුණත් කොදුයි. මේ ඇත්තෝ මේ ඇත්තන්ගේ උත්සහයෙන් ජීවත් වුණේ. ඒ ජීවත් වෙන්න මන්දු වෙන්න පරිසරයක් තිබුණා. නිදහසක් තිබුණා. අද වෙද්ද ඒ හැම එකක්ම සීමා පොජ්ජේ මන්දු කරලා තිබෙන්නේ. කැලෑ ජොජ්ජේ තිබුණට ඒ කැලෑ ජොජ්ජට මංගච්චලන් හැකුමක් කොදුයි. මංගංචන්න තහනම්. දැන් වෙලා තියෙන්නේ කැලෑ පොජ්ජට මංගචන්න නැති තැන වෙන ගම් පොජ්ජකට ගිහින් කුලී වැජ ජොජ්ජ තමයි කරන්න වෙලා තියෙන්නේ. ඒ තැනින් වෙන්නේ ඒ මංගච්චන කැකුළා වෙනස් තැන මන්දු වෙනවා. එතකොට පරම්පරාවේ චාරිත්‍ර හිතාගන්න කොදුයි වෙනවා. මේ ඇත්ලන්ගේ පාලනය තිබුණ කාලේ මේ ප්‍රශ්න තිබුණේ නැහැ. අද අවසේ ඇති වී තිබෙන ප්‍රශ්නත් එක්ක ආණ්ඩුව කතා දමන දේ එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන. එහෙම වුණොත් මේ ඇත්තන්ට තිබෙන ප්‍රශ්න, ගැටළු ආණ්ඩුවට කතා දමන්න ඉඩකඩ තිබෙනවා. මේ ඇත්තො වෙන කාගේ හරි හිත්ලැනේ ඉදගෙන ඒ ඇත්තෝ මේ ඇත්තලන් ගැන කතා කරාවි කියලා හිතෑවට එය කතා කරනව ද නැද්ද කියන එක විශ්වාස කොදුයි. මේ කාලේ වෙනකොට අපේ රැහේ ඉගෙන ගත්ත, තේරුම් පොජ්ජේ ඇති කැකුළු කැකුළියෝ ඉන්නවා. උපාධි ගත්ත අය ඉන්නවා. එ වගේ කැකුළු කැකුළියෝ දේශපාලනයට මංගච්චගන එක හොදමයි කියලයි මේ ඇත්තෝ හිතන්නේ. මේ ඇත්තෝ ඒකට කිසිම විරුද්ධත්වයක් නැහැ.

• එහෙනම් ඔබ ඔබේ රැහේ අය වෙනුවෙන් ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොනව ද?

මේ ඇත්තෝ ඉල්ලුම් පොජ්ජජේ මංගච්චන්නේ අපේ රැහේ අයට තිබෙන ප්‍රශ්න දෙන්න කියල විතරයි. එහෙම නැතුව අපේ අපේ තනි තනි ප්‍රශ්න නෙවෙයි. අපිට නිදහසේ ගත කරන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දෙනවා නම් ඒ ඇති.

• ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව කාලයේදී ඔබේ ප්‍රදේශයට සංවර්ධනයක් වුණේම නැද්ද?

එක ආණ්ඩුවකින් ආරම්භ කරනවා. ඒ ආණ්ඩුව මැද හරියක් යනකොට පැරදුම් පේජ්ජ් වුණාම අනෙක් ආණ්ඩුව එය නතර කරනවා. එහෙම වුණම රට පොජ්ජ කොල පොජ්ජජේ විනාශ වෙන එක විතරමයි වෙන්නේ. ඇත්තන්ගේ වසම් කිම්පයක් තිබෙනවා. දඹාන වසම, බෙලිගල්ල වසම, කුකුලා පොල, වේ වත්ත යන ග්‍රාමසේවා වසම් හතරක් තිබෙනවා. මේ වසම් හතරෙම වැඩ පොජ්ජේ ආරම්භ තැනම නතර කරලා. මහින්ද රාජපක්ෂ හූරගේ ආණ්ඩු ජොජ්ජේ කාලේ මං මාවත් හැදුවා. වැඩ පොජ්ජවල් කලා. ඒත් ආණ්ඩුව පැරදුම් ජොජ්ජේ වුණාම ඒ දේවල් නතර වුණා. ඒ වියදම් කරපු කොළ පොජ්ජේ නිකමෙන්ම අපතේ. මේ ඇත්තෝ නම් හිතන්නේ ඒ නතර කරපු තැන ඉඳලා ඊළග අය එය කළ යුතුයි කියලා. එතකොට තමයි ඒ රට දියුණුවට මංගච්චලන්නේ. එහෙම නැන්තනම් මේ රට හැම කෝණ පොජ්ජ පහකට හෝ දහයකට සැරයක් මේ කොල පොජ්ජ අපතේට යනවා. ඒ දේ වන්දි ගෙවන්න වෙන්නෙ මේ ඇත්තෝ වගේ දුප්පත් මිනිස්සු. හැබැයි පසුගිය කාලයේ මේ ගම්පොජ්ජේ විතරක් නෙවෙයි රට ජේජ්ජේම සංවර්ධනය නතර වෙලයි තිබුණේ.

• වත්මන් ජනාධිපති හරි සරලයි කියලා ජනතාව පිළිගෙන තිබෙනවා. රටක ජනාධිපතිවරයෙක්, නායකයෙක් සරල විය යුතු ද?

ඇත්ත තැනිම්ම ඒ තැන තමයි මන්දු වෙන්න ඕන. මොකද නායකය තමයි රට පොජ්ජේ අවෙන් ඈයන් ඇයිරුකුලට මංගච්චලවන්නේ. ඒ ඇත්තනම් තමයි ආදර්ශයට මංගච්ලන්නේ. රටේ නායකයෙක් හරි පාලකයෙක් හරි සරලව ඉන්න කොට රට පොජ්ජේ හැදුම් ජොජ්ජේ කරන්න පහසුයි. එය මේ ජනාධිපති හූරගෙන් දැකගත හැකියි.

• ඔබේ වරිගයේ නායකත්වය යන්නේ තාත්තගෙන් පුතාට. රටේ පාලනයත් එලෙස තාත්තගෙන් පුතාට, සහෝදරයගෙන් සහෝදරයට යෑම නිවැරැදි ද?

ඇත්ත තැනින්ම මේ ඇත්තෝ කතා දැම්මොත් පවුලක වුණත් පාලනය කරන්න නම් ඒ ඇත්තෝ අතර එක මුතුකමක් තියෙන්න ඕන. එහෙම වුණාම තමයි ඒ වැඩ පොජ්ජ සමගියෙන් සමාදානයෙන් කරන්න හිත්ලන්නේ. මේ රට පොජ්ජේ පක්ෂ පොජ්ජවල් මාමාකැච්චක් තිබෙනවා නේ. මේ පක්ෂ වැඩි තැන මන්දුවෙනකොටම මේ හොද වාගේම අංශ පොජ්ජක් තියෙනවා. හොද කොදු අංශ පොජ්ජක් තිබෙනවා. මේ ඇත්තො හිත්ලන්නේ පසුගිය කාලයේ කෝණ පොජ්ජ තිහකම යුද්ධයක් තිබුණා.ඒ කෝණ තිහකම යුද්ධය තිබුණ කාලමැච්චේ ජේ ආර් ජයවර්ධන හූරගේ කාලයේ ඉදලම යුද්ධයක් තිබුණ නේ. මේ යුද්ධය අවසන් තැන මන්දු කරගන් කොදු වුණා. ඒකට හේතුව තමයි එක එක බලධාරී එක එක කණ්ඩායම් වෙලා හිටියා. එක කෙනෙක ලෑස්ති වෙනකොට අනෙක් කෙනා පටහරිනවා. අනෙක් කෙනා සූදානම් වෙනකොට තව ඇත්තෙක් පටහරිනවා. එහෙම කර එහෙම කරලා කොණ් පොජ්ජ තිහක් මංගැච්චවුවා. මේ තැනේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ හූරා මන්දු වුණා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් හූරා මන්දු වුණා. සරත් ෆොන්සේකා හූරා යුද පිටියේ නායකයා ලෙස මන්දු වුණා. ඒ ඇත්තෝ තුනමම එක කතා පොජ්ජට එකතු වුණා. එකමට හිතෑපු හින්දා කෝණ පොජ්ජ තිහක් ගිය එක කෝණ පොජ්ජ හතරක් යද්දි අවසන් වුණා. එහෙම කොදු වුණා නම් අර කෝණ පොජ්ජතිහමක් මංගච්චලාපු එක තවමත් මංගච්චලනවා. අද දවස් පොජ්ජේත් මේ රට පොජ්ජජේ යුද්ධයක් තියෙනවා. මිනිස්සු චෝදනා කරනවා පවුලක් එකතු වුණාම හොරකම් පොජ්ජ එක තැන්නම කරනවා කියලා. මේ ඇත්තෝ හිත්ලාන්නේ මේ හොරකම දූෂණය භීෂණය කියන දේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න අමාරුයි. මේය සම්ප්‍රදායක් වෙලා. මොන ආණ්ඩුව ආවත් ඒ හොරකම දූෂණය කරනවා. මෙය හමාර කරන්න නම් පාලකයෝ වෙනස් වෙන එක විතරක් නෙවියි වෙන්න ඕනේ නිලධාරි වෙනස් වෙන තැන මන්දු වෙන්න ඕන. මොන ආණ්ඩුව මාරු වුණත් නිලධාරියා ඒ නිලධාරියමයි නේ.

 

නුවන් කොඩිකාර

ඡායාරූප-

නිශ්ශංක විජේරත්න

නව අදහස දක්වන්න