ජාතික රූපවාහීනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක
ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ විශේෂ සැලසුම් නිසා රට තුළ කොවිඩ් 19 පාලනය කර ලෝකයේ ඉහළම ප්‍රතිචාර ලබන්නට අපට හැකි වුණා.
අප ලෝකයේ අනෙක් රටවල්වල විශාල රෝගීන් සංඛ්‍යාවක් සිටින අතරම විශාල මරණ සංඛ්‍යාවක් මේ මොහොතේත් සිදු වෙමින් පවතිනවා. එම නිසා ලොකු අවදානමක් අනාගතයේදී ඇති වෙන්න පුළුවන්. මේ අවදානමට මේ අභියෝගයට මුහුණ දෙන්නට සමහර විට සිදු වෙනවා. හැබැයි ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ, ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරපු වැඩ සටහනේදී අපි හැසිරුණු ආකාරයට අපි හැසිරෙනවා නම් අනිවාර්යෙන්ම ඒක අපිට වළක්වා ගන්න පුළුවන්. ඒ සඳහා තමයි මාධ්‍යවලට තියෙන්නේ ලොකු වගකීමක්. මිනිසුන්ගේ හැසිරීම් රටාව පොලිසිය මාර්ගයෙන් වත් නීති මාර්ගයෙන් වත් දිගටම පවත්වාගෙන යන්නට බැහැ. අනිවාර්යයෙන්ම තමන් හැදෙන්නට ඕනැ, තමන් තේරුම් ගන්න ඕන, තමන් තේරුම් අරගෙන චර්යාවේ වෙනසක් ඇති කර ගන්නට අවශ්‍යයි, ඒක කරන්න අපේ රටේ මාධ්‍යවලට තමයි ලොකු ම වගකීමක් තියෙන්නෙ. අත් සේදිම අඩුම තරමින් පැය භාගයකට එක් සැරයක් වත් කරන්න ඕනැ. මුහුණු ආවරණ අවශ්‍ය හැම විටකම පාවිච්චි කරන්න ඕන.
කොවිඩ් 19 වසංගතය පැතිරෙන ඕනෑම රටක අපට දැකිය හැකි දෙකක් තමයි රෝගීන් සංඛ්‍යාව. මෙතනදි අපිට කියන්න බැහැ රෝගීන් ටිකයි ඉන්නේ, ජනගහනය අඩුයි, ජනගහනය වැඩි රටක රෝගීන් ගොඩක් ඉන්නවා එතකොට අපි එකපාරම කියනවා අන්න මේ රටේ රෝගීන් වැඩියි අර රටේ රෝගීන් අඩුයි ඒ නිසා මේ රෝගීන් අඩු රටේ පාලනය හොඳයි එහෙම කියන්න බැහැ. අපි මේ විද්‍යාත්මකව සංසන්දනාත්මකව තමයි මේ සාර්ථක අසාර්ථක භාවය කියන්නෙ. එතනදි අපි සංසන්දනය කරනවා. දැන් මුළු ලෝකයම ගත්තහම ජනගහනය දස ලක්ෂයකට කොවිඩ් 19 රෝගීන් 1391 ඉන්නවා.
මුළු ලෝකයම ගත්තාම කොවිඩ් 19 රෝගීන් දස ලක්ෂයකට 1391ක් ඉන්නවා. නමුත් ලංකාව ගත්තාම ජනගහනය දස ලක්ෂයකට ඉන්නේ රෝගීන් 96.4යි.
ඒ අනුව සාමාන්‍ය තත්වයට වඩා අපි ඉතාමත්ම හොඳින් රෝගය පාලනය කර තිබෙනවා. අමෙරිකාව ගත්තහම දස ලක්ෂයකට රෝගීන් 8277ක් ඉන්නවා. අපේ අනූ හයක් ඉන්න කොට ඇමරිකාවේ 8277ක් ඉන්නවා. ඒ වගේම ඉන්දියාව ගත්තොත් ජනතාව දස ලක්ෂයකට රෝගීන් 453ක් ඉන්නවා. මහා බ්‍රිතාන්‍යයේ ජනතාව දස ලක්ෂයකට රෝගීන් 4179ක් ඉන්නවා. අපේ ඉන්නේ අනු හයයි.
ඒ කියන්නේ අපි ඉතාමත්ම හොඳින් අපේ රටේ කොවිඩ් පාලනය කර තිබෙනවා. එහි සාර්ථකත්වය මනින අනෙක් මිනුම්දණ්ඩ තමයි මරණ අනුපාතය. රෝගීන් ඇතිවෙන සංඛ්‍යාවෙන් කොපමණ ප්‍රතිශතයක් මිය යනවද? ලෝකයේ සාමාන්‍ය තත්ත්වය ගත්තහම සීයට 4.8ක් මිය යනවා, එතකොට ඇමරිකා එක්සත් ජනපදය 4.76 ප්‍රතිශතය. නමුත් ලංකාව ගත්තහම මරණ අනුපාතය 0.53. ඉන්දියාවේ 2.9 යි. මහා බ්‍රිතාන්‍ය නම් 15.5 ප්රංසය වගේ යුරෝපීය රටක් ගත්තහම මරණ අඩු අනුපාතය 17.9ක්. නවසීලන්තය වගේ සාර්ථකයි කියලා ලෝකයම පිළිගත් රටක ඒ මරණ ප්‍රතිශතය ගත්තහම 1.86 ඊටත් වඩා අඩුවෙන් 0.5 තුනක අගයක් ලංකාවේ පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ අනුව බැලුවහම අපිට ඉතාමත්ම පැහැදිලිව පෙනී යනවා අපි දැන් ඉතාමත්ම හොඳ තත්ත්වයක, සාර්ථක තත්ත්වයක, මේ කොවිඩ් පාලනය පවත්වාගෙන ගියයි කියලා.
ඉතාමත්ම බලවත් මහා විශාල දැවැන්ත රටවල් ඒ වගේම රෝහල් පද්ධතිය, තාක්ෂණික දියුණු අපිට හිතාගන්නවත් බැරි දියුණුම මට්ටමක පවතින දැවැන්ත රටවල් ජනතාවට සිදුවූයේ කුමක්ද කියන ප්රශ්නය අපි හැම හැමෝටම ඇතිවෙනවා. ධනය, බලය, තාක්ෂණික ඥානය මේ හැමදේම තිබුණත් යම් යම් කිසි අඩුපාඩුවක් තිබිලා තියෙනවා. ඒ අඩුපාඩුව මේ අපේ පුංචි ශ්‍රී ලංකාවේ තිබිලා නැහැ. ඒ නිසා තමයි අපිට මේකට සාර්ථක මුහුණ දෙන්ට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඇයි අපිට මෙහෙම සාර්ථකව මුහුණ දෙන්නට පුළුවන්කම ලැබුණේ කියන එක බැලුවහම එකක් තමයි අපේ රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බැලුවහම මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය කියලා රෝගවල ප්‍රතිකාර කරන මහජන රෝග වළක්ව රෝගවලට ප්‍රතිකාර කරන බලවත් රටවල් වල නොමැති මහජන සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. ජාතික මට්ටම, පළාත් දිස්ත්‍රික් ,ප්‍රාදේශීය, සෞඛ්‍ය වෛද්‍ය නිල නිලධාරී කොට්ඨාසය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීනීන් දිවයින පුරාම දැවැන්ත ජාලයක් ලෙස මේ රෝග නිවාරණ පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
ඊළඟ එක තමයි, අපේ ජනාධිපතිතුමා බොහොම නිවැරැදිව කල්පනා කරලා කටයුතු කළ සෞඛ්‍ය අංශය කොයිතරම් සාර්ථක වුනත් හොඳින් ක්‍රියාත්මක වුණත් ඒ අයට වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා, ඒගොල්ලන්ට යන්න පුළුවන් සීමාවක් තියෙනවා, ඒ සීමාව ඉක්මවා යන්න අවශ්‍ය වෙනවා. මේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා එතකොට එතුමා මොකද කළේ? මේ යන්ත්රණයට ආරක්ෂක අංශ සම්බන්ධ කළා. මොකද කොරෝනා රෝගියෙක්ඉක්මනින් හඳුනා ගන්න ඕන. ඊට පස්සේ තියෙන වැදගත්ම කොටස තමයි මේ හඳුනා ගත් රෝගියා සමග සම්බන්ධකම් පැවැත්වූ අනෙක් පිරිස වහාම හඳුනා ගැනීම. ඒ රෝගියා සමග කෙලින්ම සම්බන්ධ වූ පුද්ගලයන් සමග ම වට කීපයකින් සම්බන්ධ වන පුද්ගලයින්යනුත් ඒ පුද්ගලයන් සමඟ සම්බන්ධව කටයුතු කළ අයත් සොයාගත යුතුයි. හඳුනාගැනීම තනියෙන් සෞඛ්‍ය අංශයට කරන්න බැහැ, ඒ හඳුනා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සම්බන්ධ කරගත්තා. සමහර පුද්ගලයන් හඳුනාගෙන තිබෙනවා, ඒ පුද්ගලයා සම්බන්ධකම් පවත්වපු පුද්ගලයා එයාට මතකත් නෑ, නමුත් රාජ්‍ය බුද්ධි අංශ නිවැරදිව ඒ පුද්ගලයා හඳුනා ගෙන තිබෙනවා. මේ පුද්ගලයන් හඳුනා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය ඉතාමත්ම හොඳ සක්‍රීය දායකත්වයක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් ඒ පුද්ගලයන් හඳුනා ගත්තා කියලා පමණක් වැඩක් වෙන්නෙනෑ. රෝගියා සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් දැනගන්න වෙනවා. එතකොට වහා කළ යුතු අපේ වගකීම තමයි හඳුනාගත්ත පුද්ගලයන් සමාජයේ අනෙක් සාමාන්‍ය පුද්ගලයන් සමග ගත කරන එක වහාම නවත්තන්න නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා ඒ අයව හුදෙකලා ව තබාගැනීම. නිරෝධායන මූලධර්මවලට අනුකූලව සමාජ දුරස්ථභාවය පවත්වාගෙන ඒ අය අතරත් රෝග බෝ නොවන ලෙස එම පුද්ගලයිනුත් තබාගත යුතුයි. මේක හදිසියේ කරන්න ඕන. මේ නිරෝධායන මධ්‍යස්ථානය වහාම මිනිසුන් දහසකට වැඩි පිරිසක් නිරෝධායන කිරීමට අවශ්‍ය ලෙස පහසුකම් ලබාදී ලබාදී ඉදි කළ යුතුයි. ඒ සෞඛ්‍ය අංශයට තනියෙන් කළ නොහැකියි. එහිදී ආරක්ෂක අංශ ඉතාමත් ම ප්‍රශංසනීය සහ කාර්යක්ෂම කටයුතු සමුදායක් ඉටුකළා. පැය විසිහතරක් ඇතුළත සමහර ස්ථාන හොඳ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කළා. සමහර රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගොඩනැගිලි පැය විසිහතරෙන්, දිනක් දෙකක් ඇතුළත විවෘත කළා. ආරක්ෂක අංශ විශේෂ කාර්යභාරයක් මේ කර්තව්‍යය වෙනුවෙන් ඉටු කළා. එතකොට සෞඛ්‍ය අංශය, ආරක්ෂක අංශ, රාජ්‍ය බුද්ධි අංශය මේ තුනම එකතු වෙලා තමයි අපේ රටේ මෙන්න මේ ආකෘතියෙන් ජාත්‍යන්තරව දැන් විශේෂ පිළිගැනීමකට ලක් වෙලා තියෙන පාලනය කිරීම කළේ. මෙතනදී තවත් ප්‍රශ්නයක් තියෙනවා රටවල් වසා දැමීම ගැන කතා කරනවා. අපට සිද්ධ වෙනවා එක්තරා අවස්ථාවක රට වසා දමන්න. රටේ ගුවන් තොටුපළ වහන්න. ප්‍රදේශයක සිටින ජනතාව තවත් ප්‍රදේශයකට යෑම වළක්වන්න සිද්ධ වෙනව. දැන් මේ වසා දැමීමේ ක්‍රියාවලිය එක්තරා කාලසීමාවකට සිදු කරන්නෙ නැතුව මොන විදිහටවත් කොවිඩ් 1 9 පාලනය කළ නොහැකියි. නමුත් මෙහිදී අපි බුද්ධිමත් වෙන්න ඕනේ. සමහරු කියනවා මීට කලින් රට ලොක්ඩවුන් කළා නම් හොඳයි කියලා. නමුත් රටක් එහෙම වහලා තියාගන්න බෑ. මීට කලින් වහල තිබ්බනම්, විවෘත කරන්න වෙන්නේ ලෝකයේ මෙම රෝගයේ උච්චතම අවස්ථාවේ. එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට වසා දැමූ කාලය තුළ විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න ඒක කළමනාකරණය කිරීම තමයි මම දකින කොවිඩ් 19 පාලනය කිරීම සඳහා සිදුකළ සාර්ථකම වැඩපිළිවෙළ. මෙහිදී ගරු ජනාධිපතිතුමා , අමාත්‍යතුමා, රජය කල්පනා කරලා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය සාධක බළකායක් පිහිටෙව්වා. මේ කාර්ය සාධක බළකාය වසා දැමූ රට තුළ විශාල අත්‍යවශ්‍ය සේවාවක් කළා. රට වසා දමනවා කියන්නේ රටේ රෝහල් ක්‍රියාත්මක වෙන්නේ නෑ. සායන ක්‍රියාත්මක වෙන්නේ නෑ. රටේ තියෙන ෆාමසි වැහිල. රටේ ලක්ෂ ගානක් ඉන්නවා හෘද රෝගීන්. අධික රුධිර පීඩනය, දියවැඩියාවව වැනි රෝගී තත්ත්වයන්ට භාජනය වුණු අයත් ඉන්නවා. ඒ අයට තමුන්ගේ ඖෂධ ගන්න බැරි වෙනවා. සායනය වහලා දැම්මේ කොවිඩ් පාලනය කරන්නයි. නමුත් මෙයට පිළියමක් හැදුවේ නැත්නම් කොවිඩ් 19 රෝගීන්ට වඩා වැඩි ප්‍රමාණයක් වෙනත් රෝග උත්සන්න වෙලා මැරෙනවා. තැපැල්පතිතුමා මැදිහත් කරගෙන අර සායනවල ඖෂධ ඉතාමත්ම නිවැරදිව ඒ තැපැල් මහත්වරුන් මාර්ගයෙන් බෙදාහැරීමට කටයුතු කළා. ඊළඟට ෆාමසිවල ඒ ළඟම සිටින අය සමග අපේ ආයතන ලියාපදිංචි කළා. බේත් ටික නිසි වේලාවට බෙදා දීමට හැකි වුණා. රෝගීන් ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩ පිළිවෙළ ඉතාම සාර්ථකව ඉටු කළා. දුරකතනය හෝ වට්ස්ට්ස්ඇප් හෝ ඊ-මේල් පණිවුඩයක් යැව්වහම ඒ ෆාමසියෙන් ගෙදරට බෙහෙත් අරගෙන යන ක්‍රමවේදයක් සකස් කළා. එතකොට ඒ වගේම ආහාර බෙදා හැරීමත් ඒ ආකාරයට සිද්ධ කළා. හරිම ලේසියෙන් මේ සියල්ල කළා. කටින් පාවිච්චි කළ හැකි වචනයක් තමයි රටක් වසාදැමීම. නමුත් රටක් වසා දානවත් එක්කම ඒකෙ නියම අරමුණ ඉටු කර ගන්න නම් ඒ රට වසා දැමීම නිසා ඇති වෙන්න පුළුවන් බාධාවන් නියමාකාරයෙන් පාලනය කළ හැකි ක්‍රමවේදයක් ඇති කරන්නට ඕන. එයත් ඉතාමත්ම ක්‍රමවත්ව ඒ කාර්ය සාධක බළකාය ඉටුකළා. එතකොට සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ රාජ්‍ය බුද්ධි අංශ සහ අත්‍යවශ්‍ය සේවා පවත්වා ගනිමින් සිදු කළ කාර්යය සාධක බළකා කියන විශේෂ පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් තමයි ලංකාවේ මේ මර්දන වැඩසටහන සාර්ථකත්වයට පත්වුණේ.
චිත්‍රාරත්න කළුආරච්චි
හිදෝගම සමූහ
නව අදහස දක්වන්න