තණමල්විලට අයිස් වැස්සක් | දිනමිණ

තණමල්විලට අයිස් වැස්සක්

තණමල්විල නගරය ආශ්‍රිත ප්‍රදේශයට පසුගියදා සවස වර්ෂාවත් සමග අයිස් වැස්සක් ඇද හැලුණු බව නගරවාසිහු පවසති.

දවස පුරාම දැඩි උණුසුම් තත්ත්වයක් පැවති බව සවස 3-4 අතර කාලයේ සාමාන්‍ය සුළඟත් සමග පැවති බවත් අනතුරුව එක්වරම අයිස් වැස්සක් ඇදහැලුණු බවත් ඔවුහු කියා සිටියහ. මෙම වැස්ස විනාඩි දෙකතුනක කාලයක් පැවති බවත් අනතුරුව දැඩි වර්ෂාවක් ඇද හැලීමත් සමග අයිස් වැටීම නතර වූ බවත් කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නගර වැසියකු වන චන්දන මහතා මෙසේ කියා සිටියේය. සවස 3ට විතර සුළඟක් ආවා. එ්ත් එක්ක වහලෙට පොඩි ගල් වැටෙනවා වගේ ඇහුණා. අපි එළියට බැහැලා බලනකොට අයිස් වැටෙනවා . ශත පනහේ කාසි තරමට කුඩා කැට විශාල ප්‍රමාණයක් වැටුණා. කාලේ පුරාවට වැටුණු පළවෙනි අයිස් වැස්ස තමයි මේ . අපිට නම් හිතාගන්නවත් බෑ . විනාඩි දෙකතුනක් යනකොට ඒක නතරවුණා

 

ජී. අයි .ආර් ගරුසිංහ - වැල්ලවාය විශේෂ

නව අදහස දක්වන්න