රාඩා නඩුවෙන් ටිරාන් නිදහස් | දිනමිණ

රාඩා නඩුවෙන් ටිරාන් නිදහස්

රාඩා නඩුවෙන් ටිරාන් අලස් මහතා ඇතුළු 4 දෙනෙකුගේ සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද(10)  දිනයේ  නියම කරන ලදි
 
2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබිණි.
 
මෙම නඩුව අද කැඳ වූ අවස්ථාවේ දී රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ චන්ද්‍ර කාන්ති ප්‍රනාන්දු නැමැත්තිය මෙම නඩුවට පාදක වන ඇතැම් ලේඛනවල මුල් පිටපත් තමන් දැක නොමැති බවත් ඡායාපිටපත් පමණක් තමන් පොලීසිය වෙත බාරදුන් බවත් ප්‍රකාශ කළහ
 
එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ, සාක්ෂිකාරිය පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරන අවස්ථාවේ දැරු ස්ථාවරයට වඩා වෙනස් ඊට පටහැනි ස්ථාවරයක් දරණ බැවින් ඇය පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකාරියක ලෙස නම්කර සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.
 
ඒ අනුව අදාළ සාක්ෂිකාරිය ගෙන් වැඩිදුරටත් සාක්ෂි මෙහෙයවීම විනිසුරුවරයා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට අවසර ලබාදුන්නේය.
 
එමෙන්ම ටිරාන් අලස් මහතා ඇතුළු විත්තිකරුවන් වෙත පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය භාරයේ රඳවාගෙන සිටින ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රය යළි ඔවුන් වෙත මුදා හරින ලෙස ද නියම කර ඇත
 
 

නව අදහස දක්වන්න