සුවාරිස් බාසිලෝනා පිලට ජය ගෙනේ | දිනමිණ

සුවාරිස් බාසිලෝනා පිලට ජය ගෙනේ

එස්පැනියොල් කණ්ඩායමට එරෙහිව ගෝල 1-0ක ජයක් වාර්තා කළ බාසිලෝනා කණ්ඩායම ස්පාඤ්ඤ ලා ලීගා පාපන්දු තරගාවලියේ ශූරතාව සඳහා ඇති බලාපොරොත්තු තව දුරටත් ඉහළ දමාගත්තේය.

කොවිඩ් වසංගතයෙන් පසු උදා වූ පාපන්දු වසන්තයේ වැඩිම අවධානයක් යොමු වී ඇති මේ තරගාවලියේදී බාසිලෝනා පිල නියෝජනය කරන උරුගුවේ සුපිරි ක්‍රීඩක ලුයිස් සුවාරිස් තරගයේ 56 වැනි මිනිත්තුවේදී එල්ල කළ ගෝලයෙන් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

නව අදහස දක්වන්න