පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණූ නාකොටික් නිලධාරීන්ට මරණ දඬුවම දෙන්න | දිනමිණ


 

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විකුණූ නාකොටික් නිලධාරීන්ට මරණ දඬුවම දෙන්න

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (10) මෙම අදහස් පළ කළේය. මේ පිළිබඳව කඩිනමින් විර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව නීතිපතිවරයා හරහා අධිචෝදනා ගොනු කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. ඉන්පසු අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ද නිතීපතිවරයා හරහා අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව ඒ මහතා පැවසීය.

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 18 දෙනෙකු හා පිටස්තර පුද්ගලයින් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද හෙතෙම පැවැසීය.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න