Saturday, ජූලි 11, 2020 - 07:47
මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2454 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ (10) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 300 දෙනාත් සමගය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි 03ක්, පාකිස්ථානයේ සිට පැමිණි අයෙක්, කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් තිදෙනෙක් සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව මේ දක්වා කාලය තුළ දිනක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 300 දෙනෙක් ඊයේ හඳුනා ගැනිම විශේෂත්වයකි.
සමස්ත ආසාදිතයින්ගෙන් 1980 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
නව අදහස දක්වන්න