Sunday, ජූලි 12, 2020 - 09:41
මේ වන විට මෙරට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවා ගොස් තිබේ.
ඊයේ (11) දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 57 දෙනාත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඊයේ දිනයේ හඳුනා ගැණුනු රෝගීන්ගෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි සිව් දෙනෙකු සහ කුවේට්හි සිට පැමිණි එක් අයෙකු පළමුව හඳුනා ගැණුනි.
අනතුරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පස්දෙනෙකු හදුනාගත් අතර ඔවුන් රාජාංගනය, හබරාදූව, වැලිකන්ද සහ ලංකාපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රාජාංගනය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්ය.
අවසන් වරට ඊයේ දිනයේ කොවිඩ් -19 රෝගීන් 43 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකු කන්දකාඩු මධ්‍යස්ථානයේ පුද්ගලයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනෙක් 30 දෙනා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන්ය.
නව අදහස දක්වන්න