Monday, ජූලි 13, 2020 - 01:00
නාගරික ජනතාවගේ අනිසි ක්‍රියා නිසා බළන්ගොඩ නගරය හරහා ගලා යන දොරවෙල ගඟ පොලිතින් වලින් මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් අපවිත්‍ර වී තිබුණු බැවින් ඒවා ඉන් ඉවත් කිරීමේ වැඩසටහනක් බළන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පෙරේදා (11) දවස පුරා ක්‍රියාත්මක කළහ.
පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය නිසා සහ නාගරික ජනතවාගේ අනිසි ක්‍රියා නිසා දොරවෙල ගඟ දෙපස මෙලෙස පොලිතින්, ප්ලාස්ටික් සහ නොදිරන අපද්‍රව්‍ය වලින් පිරි පැවැතුණ බව බළන්ගොඩ නගරසභාවෙි සභාපති චාමික ජයමිණි විමලසේන මහතා කිය.
සම්පත් ප්‍රියනන්දන - බළන්ගොඩ විශේෂ
නව අදහස දක්වන්න