කොරෝනා වසංගතයෙන් වැඩ කරන ලෝකය අර්බුදයක | දිනමිණ


 

කොරෝනා වසංගතයෙන් වැඩ කරන ලෝකය අර්බුදයක

ජගත් කම්කරු සංවිධානය පුළුල් ප්‍රවේශයක් ඉල්ලයි

කොරෝනා වෛරසයේ බලපෑමට එරෙහිව පුළුල් ප්‍රවේශයක් ගෝලීය නායකයන් වෙතික් ඉල්ලා සිටින ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධානී ගයි රයිඩර් පසුගිය දා පවසා ඇත්තේ වැඩ ලෝකය “ පෙර නොවූ විරූ අර්බුදයකට” ඇද වැ‍ටී ඇති බවයි‍.

එක්කෝ අපි සෑම පෙරමුණකින්ම ජයග්‍රහණය කරන්නෙමු. නැතහොත් සෑම පෙරමුණකින්ම අසමත් වනු ඇත, ” එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමුළුව අමතමින් පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් සමුළුවේ දී කියා සිටියේ අර්බුදයේ මුල් පෙළේ සිටින මිලියන සංඛ්‍යාත සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට ලෝකයට විශේෂ යුතුකමක් ඇති බවයි.

“අපව ආරක්ෂා කරන අයව ආරක්ෂා කිරීම අපගේ යුතුකමයි” ඔහු අවධාරණය කර තිබේ.

2020 දෙවන භාගයේ ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ පිළිබඳ දැක්ම “ අතිශයින්ම අවිනිශ්චිත” වන අතර, පුරෝකථනය කර ඇති මට්ටමට ළඟාවීම අපහසු බවත් මේ වසරේ දී වසංගතයට පෙර මට්ටමට පැමිණීමට තබා රැකියා ආරක්ෂා කර ගැනීමද ගැ‍ටලුවක් බවට පත්ව ඇති බවත් සමුළුවේ දී සංවාදයට ලක්ව තිබේ.

නව අදහස දක්වන්න