එක්ස්ටර්මිනේටර්ස් දකුණු ආසියාවේ උසම කුලුන විෂබීජහරණය කරයි | දිනමිණ

එක්ස්ටර්මිනේටර්ස් දකුණු ආසියාවේ උසම කුලුන විෂබීජහරණය කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී විෂ බීජ නාශක විසඳුම් සපයන්නා වන සීමාසහිත ද එක්ස්ටර්මිනේටර්ස් පෞද්ගලික සමාගම දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුන විෂ බීජ හරණය කළේය. කොවිඩ්-19 වසංගතයෙන් දේශය රැක ගැනීමේ අරමුණින් මාර්තු 31 වැනිදා ඇරැඹි විස බීජ හරණ මෙහෙයුම මැයි 05 වැනිදා වන විට අවසන් විය. ඉකුත් ජූනි 30 වැනිදා වන විටද එක්ස්ටර්මිනේටර්ස් ප්‍රතිකාරයට ලක් වූ කිසිදු ස්ථානයකින් කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා නොවීම විශේෂත්වයකි. “ජනතාවට අපේ උපකාර වඩාත්ම අවශ්‍ය මොහොතේ දී කොවිඩ් 19ට එරෙහි සටනට අවතීර්ණ වන්නට අප තීරණය කළා. ‘‘එක්ස්ටර්මිනේටර්ස් - නැවතත් ජනතාවට‘‘ යන ප්‍රජා සත්කාර සේවය යටතේ වැඩිහිටි නිවාස 71ක්, පොලිස් ස්ථාන 29ක්, ආගමික සිද්ධස්ථාන 13ක් හා දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ ඇතුළු පොදු ස්ථාන රාශියක් ද නොමිලේ විස බීජ හරණය කරන්නට අපට හැකි වුණා.” එක්ස්ටර්මිනේටර්ස් නිර්මාතෘ/ කළමනාකාර අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා පැවසීය.

එක්ස්ටර්මිනේටර්ස් 1998 සිට තිරසර පරිසර සංරක්ෂණ අරමුණකින් මහජන සෞඛ්‍යාරක්ෂිත විසඳුම් සැපයීමෙහි පුරෝගාමී මෙහෙවරක නිරත වෙයි. රෝග වැළැක්වීම, උවදුරු පාලනය, නිවාස හා ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කිරීම මේ යටතේ සිදු කෙරෙයි. ශ්‍රී ලංකාවේ පළමු ISO සහතික ලාභී පාරිසරික සුළු හා මධ්‍යම පරිමාණ සමාගම වන එක්ස්ටර්මිනේටර්ස් ISO 9001, ISO 14001, OHSAS 45001 සහ ISO 22000 යන තත්ත්ව සහතික දිනා ඇත. එමෙන්ම ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන 50ක් දිනූ එක්ස්ටර්මිනේටර්ස් හත් වරක්ම හොඳම සුළු හා මධ්‍ය ව්‍යාපාර සන්නාමය බවට ද පත් වී ඇත. එක්ස්ටර්මිනේටර්ස්හි සියලු සේවා සියයට සියයක් කාබන් අක්‍රීය වේ. විස්තර සඳහා www.pestcontrol.lk වෙබ් අඩවිය හා සම්බන්ධ වන්න.

 

නව අදහස දක්වන්න