ෆොන්ටෙරා සමාගමෙන් රටේ යහපතට කැප වන සැමට සෙත්පතා පින්කම් | දිනමිණ

ෆොන්ටෙරා සමාගමෙන් රටේ යහපතට කැප වන සැමට සෙත්පතා පින්කම්

කොවිඩ්-19 වසංගතයේ පැතිරීම සාර්ථක ලෙස පාලනය කිරීමට සමත් වී ශ්‍රී ලංකාවේ දෛනික කටයුතු නැවත ආරම්භ වීමත් සමගම, ඇන්කර් නිෂ්පාදන වෙ‍ෙළඳපොළට රැගෙන එන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම පසුගිය දා තම ප්‍රධාන කාර්යාලයේදී සර්වාගමික ආශිර්වාද වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේය.

වසංගතය පවතින කාලසීමාව තුළ ෆොන්ටෙරා සමාගමේ නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු ක්‍රියාකාරීව පැවතුණු නමුත් එහි සියලු ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පැමිණියේ පසුගිය 06 වැනි දා සිටය. මෙහි දී කොවිඩ්-19 වසංගතයේ තර්ජනය පැවති කාලසීමාවේදී රට වෙනුවෙන් ඇපකැප වී සේවය කළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සෞඛ්‍ය සේවකයන් සහ අදාළ ජනාධිපති කාර්ය සාධක බළකායන්හි සාමාජිකයන් මෙන්ම, ෆොන්ටෙරා සමාගමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට දායක වූ එහි කාර්ය මණ්ඩල සාමාජිකයන්, කිරි ගොවියන්, සැපයුම්කරුවන්, දීපව්‍යාප්ත නියෝජිතයන්, අලෙවිකරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සියලු දෙනා උදෙසා කෘතඥතා පූර්වකව සෙත් පැතීම සිදුවිය.

එමෙන්ම කොවිඩ්-19 වසංගතය සාර්ථකව පාලනය කර ලෝකයට ආදර්ශයක් ලබාදීමට සමත් වූ ආකාරයට ඉදිරියටත් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ශක්තිය ධෛර්යය ලැබේවා යන ප්‍රාර්ථනය ද මෙහිදී සිදු කෙරිණි.

 

නව අදහස දක්වන්න