නාවික හමුදාපති අද්මිරාල් ධුරයට උසස් කරයි | දිනමිණ

නාවික හමුදාපති අද්මිරාල් ධුරයට උසස් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මවුබිම වෙනුවෙන් කරන ලද වසර 36ක සේවය අගයමින් අද්මිරාල් ධුරයට උසස් කැර ඇත‍.

පියල් ද සිල්වා ඒ මහතා ඊයේ (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. එහිදී ඔහු මවුබිම වෙනුවෙන් කළ විශිෂ්ට මෙහෙය අගය කරමින් විශ්‍රාම දිවියට සුභාශීංසන එකතු කිරීම සහ සාම්ප්‍රදායිකව තිළිණ හුවමාරු කැර ගැනීම සිදු විය.

2019 ජනවාරි 1 වැනි දින නාවික හමුදාපති ධුරයට පත් පියල් ද සිල්වා ශ්‍රී ලංකාවේ 23 වැනි නාවික හමුදාපතිවරයා වේ.

30 වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ ඔහු තම සේවා කාලය තුළ වීර වික්‍රම, වීර වීභූෂණ, රණ වික්‍රම, රණශූර, විශිෂ්ට සේවා විභූෂණ ඇතුළු පදක්කම් රැසක් හිමි කැර ගෙන ඇත.

නව අදහස දක්වන්න