ප්‍රේමදාස එජාපය කැඩුවේ ආයෙත් එකතු කරන්න බැරි විදිහටයි | දිනමිණ

ප්‍රේමදාස එජාපය කැඩුවේ ආයෙත් එකතු කරන්න බැරි විදිහටයි

එයාගේ තාත්තා කරපු වැඩ  ජනතාව හොඳින් දන්නවා

අත්තිඩියේදී අගමැති මහින්ද කියයි

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ජනාධිපතිවරයෙක් පත් කර ගත්තා වැඩි ඡන්ද හැට නව ලක්ෂයක් අරගෙන. හැට නම ලක්ෂයක් ඡන්දය දුන් ජනතාව ඒ ජනාධිපතිවරයාගේ පක්ෂය ජයග්‍රහණය කරවලා කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාට ඕනෑ විදිහට පත් කර ගන්න අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ.

අද එක්සත් ජාතිත පක්ෂය දෙකට බෙදී ඇති අතර ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ආණ්ඩු බලය ගැනීම නොව සිරිකොත ඇල්ලීමේ සටනක් බවත් කලකිරී ඇති එක්සත් ජාතික පාක්ෂිකයන් අප පක්ෂය වටා එක් රොක් වෙමින් සිටින බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ පසුගිදා (12) සවස රත්මලාන, අත්තිඩිය පොළ භූමියේ පැවැති ජන රැළියක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අමල් සිල්වාගේ නම අමතක වුණත් කමක් නැහැ, හැබැයි නොම්බරේ අංක පහ, අමතක කරන්න එපා. එතුමා නගර සභාවට ආවේ අයියාගේ හදිසි අභාවය නිසායි. 2000 දී නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කළ එතුමාගේ අයියා අනුර මහතාත්, සී.වී.ගුණරත්න ඇමැතිතුමත් එල්.ටී.ටී.ඊ .ප්‍රහාරයෙන් මිය ගියා. ඔහු මගේ හොඳ හිතවතෙක් .ළගින් ඇසුරු කළා. මට ඒ මළගෙදර අමතක වෙන්නේ නෑ. මට අමතක වෙන්නේ නැත්තේ එදා චන්ද්‍රිකා නෝනා මට දුන්නා බුලට් ෆුෆ් කාර් එකක් .මල ගෙවල්වල වටේ ඇවිදල යන්න. මම එදා මරණ ගෙදරින් එළියට බැහැලා බලන කොට වාහනේ ගිහින් මාව දාලා. ඒක ගෙන්නා ගෙන. ඒ වන විට රාත්‍රී රාත්‍රි 7.00ට විතර ඇති. මම පාරේ අයිනකට වෙලා හිටගෙන හිටියා. මමත් එක්ක මගේ ආරක්ෂක නිලධාරීන් හිටියා. මම එතන ඉන්න කොට කොයි වේලාවේ කොටි ඇවිත් ගහයිද කියලා මගේ ආරක්ෂකයෝ බයේ හිටියේ. මම කිව්වා බය වෙන්න එපා, මම කොටියට ගහනකන් කොටියාට මට ගහන්න බැහැ කියලා. පස්සේ මගේ කාරෙක ගෙන්න ගෙන මම ගියා. ඊට පස්සේ තමයි අමල් ඇවිත් තරඟ කරලා, අමල් පළාත් සභාවට ඇවිත් මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරලා රටට පළාතට සේවයක් සිදු කරන්නේ. එතුමා අවංකව දේශපාලනය කරනවා. අවංකව හිටියා. අවංකව ඉන්න පැත්තේ හිටියා. පිල් මාරු කෙළේ නැහැ. ඒ නිසා එතුමා ගැන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. අමල් සිල්වා මැතිතුමා අපේ හිතවතෙක් ,මිත්‍රයෙක්. ඔබත් සමඟ හැම අවස්ථාවේම හිටියා. පක්ෂයත් සමඟ හිටියා හැම සටනේදීම සෙනග ටික අරගෙන ඇවිත් අපට සයෝගය දැක්වූවා. ඒ නිසා අපේ යුතුකමක් තිබෙනවා එතුමා ඉල්ලන වේලාවේ එතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න. එක්සත් ජාතික පක්ෂය අද දෙකට කැඩිලා ප්‍රේමදාස පිලයි ,රනිල් පිලයි. දැන් එයාලා සටන් කරන්නේ ආණ්ඩු බලය අල්ලන්න නොවෙයි. එයාලා දන්නවා, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ජනාධිපතිවරයෙක් පත් කර ගත්තා වැඩි ඡන්ද හැට නව ලක්ෂයක් අරගෙන. හැට නම ලක්ෂයක් ඡන්දය දුන් ජනතාව ඒ ජනාධිපතිවරයාගේ පක්ෂය ජයග්‍රහණය කරවලා කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාට ඕනෑ විදිහට පත් කර ගන්න අවස්ථාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ. අද එක්සත් ජාතික පක්ෂය කැඩිලා. මම දැන් හිටියේ මොරටුවේ. මොරටුව නගර සභාවේ පැරණිම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ඇතුළු දෙදෙනෙක් අපිට එකතු වුණා. ඒ විදිහට අද හැම තැනම මම පසුගිය කාලයේ ගියා .හම්බන්තොට, කුරුණෑගල, මම ගියා කෑගල්ල, කළුතර , අද මම කොළඹ රැස්වීම් මාලාවකට සම්බන්ධ වුණා. මේ හැම තැනදීම දැක්ක ලක්ෂණයක් තමයි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් අප වටා රොක් වෙමින් සිටිනවා. ඒකට හේතුවක් තිබෙනවා. මම ඒ අයගෙන් ඇහුව්වා එයාලා කිව්වේ අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා මේ පිල් දෙක ගහ ගන්නවා, මේ පිල් දෙකට අවශ්‍ය වන්නේ ආණ්ඩුවක් පිහිටවන්න නොවෙයි. මේ අයට අවශ්‍ය වන්නේ සිරිකොත අල්ලා ගැනීම විතරයි කියලා. අපි ඇයි සිරිකොත අල්ල ගන්න සටනට යන්නේ. ඒ අය ගිහින් සිරිකොත අල්ල ගත්ත දෙන්. එක්සත් ජාතික පක්ෂය පනස් දෙකේදීත් කැඩුණා. බණ්ඩාරණායක මහත්මය ඩී.ඒ.රාජපක්ෂ මහත්මයා විපක්ෂයට ගිහිල්ලා හැදුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඊට පස්සේ ආපහු කැඩුණා. නමුත් මෙහෙම කැඩිල්ලක් කැඩිලාම නැහැ. ප්‍රේමදාස කැඩුවොත් කැඩුවාම තමයි. ආයෙත් එකතු කරන්න බැහැ. අපි දැක්කානේ එයාගේ තාත්තා කරපු වැඩ ටික. ඒ ඉතිහාසය අදටත් ජනතාවට මතකයි.තරුණ තරුණියන්ට වෙච්ච දේ මිනිස්සු දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන කියන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපිට බොහොම පැහැදිලි ජයග්‍රහණයක් තිබෙන වේලාවක තමුන්නාන්සේලාට හිතවත්, තමුන්නාන්සේලා සමඟ ඉන්න මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට එවන්න කියලා ඉල්ලා සිටිමින්, අංක පහේ අමල් පෙරේරා මහතාට ජය ප්‍රාර්ථනා කරනවා.

දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ පුරපති ස්ටැන්ලි ඩයස් මහතා-

අපේ හිටපු ඇමැති සී.වී. ගුණරත්න මහතාගේ අභාවයෙන් පසු එතුමා අපේ ආසනයට ගෙන ආ වැඩපිළිවෙළ ගෙනයන්න නිවැරදි නායකත්වයක් අපේ පළාතට ලැබුණේ නැහැ. සමහර නායකයන් රත්මලාන ආසනය පොඩි වැඩියි කියා අතහැර යන්න ගියා. එම නිසා රත්මලාන ආසනයට නායකත්වයක් නොමැති නිසා අපේ ආසනය කොන් වෙන්න පටන් ගත්තා. එබැවින් අපේ පුරවරයේ තරුණ තරුණියන්ට හරි හමන් රැකියාවයක් සොයා ගැනීමට නොහැකි වුණා. නමුත් අපේ ආසනයේ මොන තරම් රැකියා අවස්ථාවන් තිබුණත් ඒවාට පැමිණියේ වෙනත් පළාත්වලින් පැමිණි අයයි. දැන් වසර විස්සකට පසු අපිට අහිංසක දුප්පත් පවුලක කඳුළ වේදනාව දන්න දෙපයින් ගමන් කරන නායකත්වයක් තමයි අපිට ලැබී තිබෙන්නේ. ඒ තමයි අමල් සිල්වා මහතා. තිස් අවුරුදු යුද්ධ සමයේ කඳුළ වේදනාව තුළින් කොටි ත්‍රස්ත්‍රවාදීන්ගේ බෝම්බයට මුහුණ දී මිනී කඳු ගොඩ ගැසෙන යුගය අපි දැක්කා. අපේ රටේ ආර්ථික මර්මස්ථාන අහිසංක ජනතාවත් සමඟ පොළොවට සමතලා වෙනවා අපි දැක්කා. ඒ තත්ත්වයෙන් මේ රට මුද­ාගෙන අපිට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනැඟුවේ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨභය රාජපක්ෂ මහතායි. ඔවුන් අපිට නිදහස් නිවහල් රාජ්‍යයක ජීවත් විය හැකි රටක් ගොඩනැඟුවා. අපි ඒ කළ ගුණ අමතක කළ යුතු නැහැ. මේ රට එක්සේසත් කළ හැකි නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි. එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරන්න ඔය හැම දෙනාගේම දායකත්වය අවශ්‍යයි. මේ රටේ ජනතාවගේ දුක් දෝමනස්සයන් දන්නා එවැනි නායකයකුයි රටට අවශ්‍ය කරන්නේ. එබැවින් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කළ හැකි නායකයකු අපි මේ පළාතෙන් දියවන්නාව තරණය කරන්න යැවිය යුතුයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමල් සිල්වා මහතා -

මහින්ද රාජපක්ෂ අගමැතිතුමනි, 2020 පාර්ලිමේන්තු මැතිවරණය වන තෙක් රත්මලාන ආසනයට අපේ කියලා නායකයෙක් කවදාවත් බිහි කර ගන්න බැරි වුණ මොහොතක මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආශිර්වාදයෙන් රත්මලාන ආසනයට අපේක්ෂකත්වය ලැබීම ගැන මම එතුමාට මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. රත්මලාන ජනතාව වෙනුවෙන්. අපි නායකයෝ බිහි කළා, අගමැතිවරු බිහි කළා, හැබැයි අගමැතිතුමනි ,අපේ ආසනයට අපේ ජනතාවට ඒ අයගෙන් කවදාවත් පිහිටක් සරණක් ලැබුණේ නැහැ. ඒ නිසා මම භාර ගත්ත මේ අභියෝගය ජය ගන්නවා. ඒ වගේම ජනාධිපතිතුමාට සහයෝගය දෙන පාර්ලිමේන්තුවක් පත් කර යුතු වෙනවා.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු ඇමැති ජී.එල්.පීරිස්, ආසනයේ නාගරික මන්ත්‍රීවරුන්, දේශපාලනඥයන්, රත්මලාන ආසනයේ ඡන්ද දායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

 

ඡායාරූප -

වාසිත පටබැදිගේ

 

නව අදහස දක්වන්න