වසරේ දැවැන්තම සේල් සතිය “Daraz Mobile Week 2020” අගෝස්තු 2 වැනිදා දක්වා | දිනමිණ


 

වසරේ දැවැන්තම සේල් සතිය “Daraz Mobile Week 2020” අගෝස්තු 2 වැනිදා දක්වා

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂණීය වට්ටම් රැසක් සමඟ වසරේ දැවැන්තම ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සේල් සතිය පසුගිය 27 වැනිදා සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා Out with the old, and in with the new’ යන තේමාවද සමඟ ක්‍රියාත්මක වන “Daraz Mobile Week 2020” ප්‍රවර්ධන වැඩසටහන සමඟ ස්මාට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, ඇපල් අයි පෑඞ්, ලැප්ටොප්, රූපවාහිනි, ගෘහ විදුලි උපකරණ, කැමරා, ගේමින් කන්සෝල්, ඉලෙක්ට්‍රොනික උපකරණ, හෙඩ්ෆෝන් ඇතුළු එදිනෙදා දිවියට අවශ්‍ය භාණ්ඩ රැසක් විශේෂ ප්‍රවර්ධන මිල ගණන් යටතේ ලබාගත හැකිය.

ඔබේ මිලදී ගැනීම් සඳහා වැඩිම වටිනාකමක් පිරිනමන වසරේ වාසිදායකම අලෙවි අවකාශය ලෙස “Daraz Mobile Week 2020” ක්‍රියාත්මක වන්නේ සෑම JVC අඟල් 55 LED රූපවාහිනියක් සමඟ නොමිලේ ස්මාට් ජංගම දුරකතනයක්, Sanford අඟල් 32 රූපවාහිනියක් සමඟ අගනා විදුලි ස්ත්‍රික්කයක් පිරිනැමීම වැනි ප්‍රවර්ධන දීමනා රැසක් සමගිනි. Daraz Mall සමඟ හොඳම නිෂ්පාදන පෙළක් වගකීම් සහතිකයක්, කඩිනම් බෙදාහැරීමේ සේවාව සහ දීර්ඝ කළ නැවත භාරදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ. Browns Store වෙතින් සෑම මිලදී ගැනීමක් සඳහාම පිරිනමන ත්‍යාග වටිනාකම රුපියල් 30,000 ක වටිනාකමකින් යුක්ත වේ. ඒ අතර HP ලැප්ටොප් සඳහා පිරිනමන ADATA පෙන් ඩ්‍රයිව්, Kaspersky වයිරස් ගාඩ්, optical mouse සහ laptop backpack වඩාත් කැපීපෙනෙයි.

“Daraz Mobile Week 2020” හරහා සිදුකෙරෙන මිලදී ගැනීම් අතරතුර ක්‍රීඩාවන්ට සහභාගී වෙමින් විශේෂ මිල අඩු කිරීම් සහ නොමිලේ දීමනා රැසක් හිමි කරගත හැකිය. Mobile’Athon ක්‍රීඩාවට සහභාගී වෙමින් අදියර 10ක් සම්පූර්ණ කිරීම හරහා Samsung Galaxy A80, Daraz වවුචර්පත් ඇතුළු තෑගි රැසක් හිමිකරගත හැකිය. දින 3ක් පුරා ක්‍රියාත්මක වන Flash sales හරහා අඩුම මිල ගණන් යටතේ ඉදිරිපත් කරන ස්මාට් ජංගම දුරකතන මාදිලි 3ක් දිනාගැනීමේ අවස්ථාවද හිමි වේ. “One-rupee Game” ක්‍රීඩා අවස්ථාව සමඟ OPPO, Huawei, VIVO, Sony PlayStation 4 game හෝ Canon වැනි වටිනා භාණ්ඩ රැසක් රුපියලක් වැනි සුළු මුදලකට දිනා ගැනීමේ අවස්ථාව උදා වේ. Apple iPhone SE 2020 සහ Huawei 6T වෙන්දේසියක් මගින් දිනා ගැනීමේ අවස්ථාවද මෙහිදී හිමිවේ.

නව අදහස දක්වන්න