උගත් නායකයෝ ලංකාවට වින කළා | දිනමිණ

උගත් නායකයෝ ලංකාවට වින කළා

ශ්‍රීලපොපෙ අපේක්ෂක රියර් අද්මිරාල් සරත් වීරසේකර

උගත් නායකයන්ම අවශ්‍ය නෑ  රටට ආදරේ අයට බලය දෙන්න

උගත් බුද්ධිමත් නායකයන් මෙන්ම රටට ආදරය කරන නායකයන් රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ පොදුජන එක්සත් පෙරමුණු කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂකයන් වන කඩුවෙල ආසන සංවිධායක සමෘද්ධි කෘෂි ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී දේශබන්දු ජගත් කුමාර සහ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර යන මහත්වරුන්ගේ ජය තහවුරු කිරීමේ ජනතා හමුවක් පසුගියදා විමලසේන සිසිර, ජයන්ත විලේගොඩ, මිල්ටන් කල්දේරා, චතුර සහ චින්තන යන මහත්වරුන්ගේ සංවිධාන ශක්තියෙන් හෝකන්දර චන්ද්‍රප්‍රේම මාවතේදී පැවැත්විණි. ඊට ඒක් වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

"ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනතාවගේ දැවෙන ප්‍රශ්න පිළිබඳව හොඳින් හඳුනනවා. ඒ වගේම එතුමාට දැඩි උවමනාවක් තිබෙනවා ඒ ප්‍රශ්නවලට කඩිනම් සහ තිරසර විසඳුම් දීමට. අන්න ඒ හේතුව නිසා තමයි එතුමා මා කලින් මැතිවරණයට මුහුණ දුන් අම්පාර දිස්ත්‍රික්කයේ ඉඳන් කොළඹ දිස්ත්‍රික්කයට මාව කැඳවන්නේ. එතුමා මට ආරාධනා කළේ නෑ, නියෝග කළා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. මොකද එතුමාට ජනතාවගේ දැවෙන ප්‍රශ්න සඳහා තිරසර විසඳුම් ලබා දීමට විශ්වාසවන්ත නියෝජිතයෙක් වුවමනා වූ නිසා. "මේ දිනවල කතාබහක් යනවා උගත් බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන්න, අ.පො.ස. සාමාන්‍ය පෙළවත් පාස් නැති අය පාර්ලිමේන්තුවට යැවීම සුදුසු නෑ කියලා. ඒකට මම විරුද්ධයි. මොකද උගත් බුද්ධිමත් කියා ගන්නා අය තමයි මේ රටට කරන තරමක් වින කළේ. දැන් බලන්න හොඳ උගතෙක් යැයි පවසන ජයම්පති වික්‍රමරත්න තමයි මේ රට බෙදන ව්‍යවස්ථාව ගේන්න මූලික වුණේ. ඒ වගේම උගත් බුද්ධිමත් යැයි කියන සුමන්තිරන් තමයි 19 වැනි සංශෝධනය ගේන්න මූලික වුණේ. උගත් බුද්ධිමතුන් ගත්ත තවත් තීරණයක් තමයි හම්බන්තොට වරාය විකුණන්න ගත්ත තීරණය. ඒක විකුණපු මුදල්වලින් එක වසරක් විශ්‍රාම වැටුප් ගෙවන්න විතරයි පුළුවන්. ඊට වැඩිය දෙයක් කරන්න බෑ.’

මොහොමඩ් ඉමිතියාස් - මැද කොළඹ විශේෂ

නව අදහස දක්වන්න