ආණ්ඩුවේ යහපත් දේට අප සහාය දෙනවා | දිනමිණ

ආණ්ඩුවේ යහපත් දේට අප සහාය දෙනවා

ස්වාධීන අපේක්ෂිකා සමන්ති පුෂ්පිකා රණසිංහ

ගෝඨාභය පාලනයේ කිසිම ඒකාධිපතිත්වයක් නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් නායකයකු මේ අවස්ථාවේ අපේ රට පාලනය කළේ නම් කොරෝනා වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකියාවක් නොලැබෙන බව ස්වාධීන කණ්ඩායම් අංක 01 කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා සමන්ති පුෂ්පිකා රණසිංහ මහත්මිය පැවසුවාය.

කණ්ඩායමක් වශයෙන් වත්මන් ආණ්ඩුවට එරෙහිව කටයුතු නොකරන බවද ආණ්ඩුව ගන්නා සෑම යහපත් ක්‍රියාවක් වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බවද පවසන ඒ මහත්මිය බහුතර බලයක් සහිතව මෙවර මැතිවරණයෙන් ආණ්ඩුව ජය ගන්නා බවද කියා සිටියාය. නිශ්චිත වශයෙන්ම තමන්ට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බවට විපක්ෂය හොඳින් දන්නා බව කී ඇය, ගෙවුණු මාස අටක කාලය තුළ මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දුන්නාය. ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහත්මිය, එහි කිසිම ඒකාධිපතීත්වයක් නොමැති බවත් ඒකාධිපති ආකාරයට රට පාලනය කළේ පසුගිය වසර පහක කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා හා එතුමාගේ කල්ලියේ කිහිප දෙනකු බවත් පවසමින් ඔවුන් මේ රටේ පොලිස් රාජ්‍යයක් බිහි කර තිබුණු අතර එයින් රට මුදා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව වැඩිදුරටත් අවධාරණය කළාය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න