ජනතාව ගොනාට අන්දන දේශපාලනයට අද තැනක් නෑ | දිනමිණ

ජනතාව ගොනාට අන්දන දේශපාලනයට අද තැනක් නෑ

ශ්‍රිලපොපෙ අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ

ඡන්දෙන් පසු සජිත් අතුරුදන් වෙනවා

කොවිඩ්-19 අර්බුදය නිසා ආදායම් මාර්ග අහිමි වූ ජනතාවට ගෝඨාභය රාජපපක්ෂ ජනපතිවරයා රුපියල් 5000ක මුදලක් ලබාදීමට කටයුතු කරද්දී එයට විරුද්ධව මැතිවරණ කොමිසමට පැමිණිලි කළ සජිත් ප්‍රේමදාස මහතා අද එම පවුල්වලට රුපියල් 20000 බැගින් ලබාදෙන බව පැවසීම විහිළුවක් බව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.

ජනපතිවරණයේදී ලත් පරාජයෙන් පසු කාලයක් සැඟවී සිට යළිත් දේශපාලනයට පැමිණි සජිත් මහ මැතිවරණයෙන් පසු යළිත් අතුරුදන් වනු ඇති බවත් මේ නිසා ඔහුට ඡන්දය දීමට අපේක්ෂා කරන අය ඔහු ගැන අවධානයෙන් සිටීම වැදගත් බවත් ඒ මහතා කීය.

එදා මහින්ද රාජපක්ෂ මහතා එපායැයි කියමින් යහපාලන ආණ්ඩුව ශක්තිමත් කිරීමට ගිය පිරිස් අද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීම තමන්ට ප්‍රශ්නයක් නොවුණද එසේ කළ අයට එදා තමන් ගත් තීරණය පිළිබඳ පශ්චාත්තාපයක් නොමැතිවීම කනගාටුවට කරුණක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සැබවින්ම ලැදි පිරිස කවුද යන්න ජනතාව හොඳින් තේරුම් ගෙන සිටින බවත් ඒ මහතා කීය. සමඟි ජනබලවේගයේ අගමැති අපේක්ෂකයා තමන්ට බලයක් නොලැබෙන බව දැන කිසි විටෙක ඉටුකළ නොහැකි පොරොන්දු ලබා දෙමින් සිටින බවත් බොරු පොරොන්දු දෙමින් ජනතාව ගොනාට අන්දවා කළ දේශපාලනයට අද තැනක් නොමැති බවත් කී ඒ මහතා මහ මැතිවරණයෙන් පසු රනිල‍්-සජිත් දෙදෙනාටම සිරිකොත අහිමි වන බවද අවධාරණය කළේය.

අසේල කුරුළුවංශ සහ කටුගස්තොට සමූහ

නව අදහස දක්වන්න