නිස්සෙයි කායි කරාතේ සංගමයේ කළු පටි උපාධි ප්‍රදානය දා.. | දිනමිණ


 

නිස්සෙයි කායි කරාතේ සංගමයේ කළු පටි උපාධි ප්‍රදානය දා..

ෂෝටෝ කාන් රියූ කරාතේ දෝ නිස්සෙයි කායි ශ්‍රී ලංකා සංගමයේ ජාත්‍යන්තර සහ ජාතික කළු පටි ප්‍රදානෝත්සවය පසුගියදා මීගමුවේදී පැවැත්විණි.

එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22ක් ජාත්‍යන්තර කළු පටි උපාධිය ලබා ගත් අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනකුට ජාතික කළු පටි උපාධිය පිරිනැමීම නිස්සෙයි කායි කරාතේ සංගමයේ සභාපති මර්වින් ප්‍රනාන්දුපුල්ලේ සහ ප්‍රධාන උපදේශක ශිහාන් සෝභා සුභසිංහ මහත්වරුන් අතින් සිදු කෙරිණි.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සාමාජීය විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ.ඒ. අනෝමා රත්නායක මහත්මිය හා විශේෂ ආරාධිතයා ලෙස Headway අධ්‍යාපන ආයතනයේ නිර්මාතෘ ශිරාන් කෲස්පුල්ලේ මහතා සහභාගී වූහ.

නව අදහස දක්වන්න