කුලගේ හොරු බිඳින කොට මට බත් මුට්ටිය රැකගන්න වෙනවා | දිනමිණ


 

කුලගේ හොරු බිඳින කොට මට බත් මුට්ටිය රැකගන්න වෙනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ගීතා කුමාරසිංහ

කුලගේ හොරු බිඳින කොට, කුලගෙට හොරු පනින කොට මට බත් මුට්ටිය රැක ගන්න වෙනවා. නැත්නම් හොරු ඇවිත් තියෙන ටිකත් කාලා ආයෙ නොඑන්නම යන්න යාවි. යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

ඇය මේ අදහස් පළ කළේ බෙන්තර ඇල්පිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය.

ගියවර මැතිවරණයේදී මට බෙන්තර ඇල්පිටියෙන් ඡන්ද විසි අට දාහක් ලැබුණා. ඒත් මා පස්වෙනියා වුණා. ඒත් මා ඔබලාට කවදාවත් කීවේ නෑ ඡන්දය දුන් කෙනාට කියලා වැඩ කරගන්න කියලා.

ඉදිරි වසර පහේදී ස්වර්ණමය යුගයක් උදා කරගෙන බෙන්තර ඇල්පිටිය ආසනය සංවර්ධනය කරනවා. 21 වන සියවසට ගැළපෙන ප්‍රතිපත්ති මාලාවක් සෞභාග්‍යයේ දැක්ම යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබෙනවා. සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට ලක් කර, දූෂණ වංචා නැති කර, කාර්යක්ෂම විප්ලවයකට ඇති කිරීමට සූදානමින් සිටිනවා. මේ සඳහා හොඳ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න ඕනැ. ඒ නිසා මෙවර තමුන්නාන්සේලාගේ ඡන්දය ඉතා බුද්ධිමත් ලෙස භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා.

අයි. එම්. වී. සී. ගුණසේකර - ඇල්පිටිය සමූහ

නව අදහස දක්වන්න