අප එදා පාර්ලිමේන්තුවේ 2/3 ගත්තේ මොළේ පාවිච්චි කරලා | දිනමිණ


 

අප එදා පාර්ලිමේන්තුවේ 2/3 ගත්තේ මොළේ පාවිච්චි කරලා

පොහොට්ටුවේ කට්ටිය දැන් තුනෙන් දෙක ඉල්ලාගෙන රට වටේ යනවා. අප එදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගත්තේ ඡන්දෙන් නොවේ. මොළේ පාවිච්චි කරලා. බලන්න, අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ මොළේ බලේ කොහොමද කියලා. යැයි එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඇල්පිටියේ පැවති ජන හමුවක් අමතමිනි.

එක්සත් ජාතික පක්ෂයෙන් බෙන්තර ඇල්පිටිය ආසනය නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින නෙවිල් ඉගලවිතාන මහතා මේ ජන හමුව සංවිධාන කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

ගාල්ල ආසනය කවදාවත් රාජපක්ෂලාට දුන්නේ නෑ. මේ පාරත් දෙන්නේ නෑ. කොහොම හරි අප ජයග්‍රහණය කරනවා. අප දේශපාලනය තෝරා ගත්තේ ඔබේ කඳුළු නිවන්න. ඔබ දුන් ඡන්දය නිසා මට අවස්ථාව ලැබුණා දෙදහසකගේ පමණ කඳුළු නිවන්න. මා ඒ අයට දුන් පත්වීම් ස්ථිරයි. ඒ නිසා මේ පිරිස කොහේවත් පිකටින් කරන්නේ නෑ. ඒ රැකියා විශ්‍රාම වැටුප් සහිතයි. අප මිය ගියත් ඒ අයට දරු මල්ලොත් එක්ක හොඳට කාලා ඇදලා ජීවත් වෙන්න පුළුවන්. තව රැකියා දෙදහසක් විතර දෙන්න තිබ්බා. කවුද ඒක නැති කළේ. ඒක තමයි ඔබ දැනගන්න ඕනැ.

මා දේශපාලනය කරන්න තෝරා ගත්තේ හොඳ සිහි බුද්ධියෙන්. ඒ නිසා ඔබව ගොඩදාන්න 2014 තීන්දුවක් ගත්තා. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයෙක් තේරුවා. ඒක නිවැරැදිව තේරුවා. ඒ නිසා තමයි දිනුවේ. ඒ තීන්දුව හරි. රාජපක්ෂවරුන් පරදවන්න අවශ්‍ය බලවේග සියල්ලම ඒකරාශී කළා.

අයි. එම්. වී. සී. ගුණසේකර

ඇල්පිටිය සමූහ

නව අදහස දක්වන්න