අම්බලන්ගොඩදී දුම්රියේ ගැටුණු මගියා මරුට | දිනමිණ


 

අම්බලන්ගොඩදී දුම්රියේ ගැටුණු මගියා මරුට

වව්නියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ පැමිණි දුම්රියේ ගැටී අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කේ.ජී. ගාමිණී නැමැති 59 හැවිරිදි දෙදරු පියෙකි. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ගුණසේකර මහතාගේ උපදෙස් මත රථ වාහන අංශාධිපති දුමින්ද කන්නන්ගර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වයි.

ධර්‍මදාස සිරිවර්‍ධන - ගාල්ල දිස්ත්‍රික් සංචාරක

නව අදහස දක්වන්න