කෝටි 25ක කුඩු වැල්ලම්පිටියේදී අල්ලයි | දිනමිණ


 

කෝටි 25ක කුඩු වැල්ලම්පිටියේදී අල්ලයි

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (31) කළ විශේෂ

මෙහෙයුමකින් වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්තේ නි‌ෙවසකින් රුපියල් කෝටි 25ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 25ක් සොයා ගෙන තිබේ.  මේ වන විට ඉන්දියාවට පළාගොස් සිටින මත්කුඩු ජාවාරමේ නිරතව සිටින පූකුඩිකන්නා නමැත්තාගේ බිරියගේ නැඟණියගේ නිවසේ මෙම මත්කුඩු තොගය සඟවා තිබුණු බව විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙයට දින කිහිපයකට පෙර මෙම නිවසට කිලෝ 50ක පමණ මත්කුඩු තොගයක් සඟවා තබා ගැනීමට ලැබී ඇති බවත් විටෙන් විට සඟවා තිබුණු මත්කුඩු රැගෙන ගොස් තිබෙන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. පූකුඩිකන්නා ඉන්දියාවේ සිට මෙහෙයවමින් මෙම මත්කුඩු තොගය මෙම නිවසට එවා ඇති බවට ද තොරතුරු මේ වන විට අනාවරණය වී ඇත.

මත්කුඩු තොගය හමුවන්නේ නිවසේ අල්මාරියක සඟවා තිබිය දී ය.

පූකුඩිකන්නාගේ බිරියගේ නැඟණිය මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශට භාරදී ඇත.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න