කුඩු ඇද්ද උකුස්සා සත්ත්වෝද්‍යාන භාරයට | දිනමිණ


 

කුඩු ඇද්ද උකුස්සා සත්ත්වෝද්‍යාන භාරයට

මත්කුඩු බෙදාහැරීමට පුහුණු කළ සත්ත්වයකු බවට සැක කළ ‘කුස සුදු මුහුදු උකුස්සා’ (White - bellied sea eagle)

අධිකරණ නියෝග මත  දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට භාර දුන් බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසීය. ‘‘කුස ඇලි මුහුදු උකුස්සා” නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග‍්‍රෑම් 15ක පමණ බරක් ඔසවා ගෙන යාමට හැකියාව ඇති බවත්

උකුස්සන් ,කාක්කන් ඇති කිරීම තහනම් කර ඇත්තේ මෙම සත්ත්වයින් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි නිසා බව අත්තිඩිය පශු වෛද්‍ය සුහද ජවර්ධන මහතා පැවසීය.

මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ගොවිපළක කූඩුකර සිටියදී පෙරේදා (30) සොයාගනු ලැබූ උකුස්සා ඊයේ (31) අතුරුගිරිය පොලීසියේ නිලධාරීන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ සත්ත්වෝද්‍යානයට භාර දී ඇත.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ”අංගොඩ ලොක්කා” මත්ද්‍රව්‍ය බෙදාහැරීමට මෙම උකුස්සා යොදාගත් බවටද සැක පළ වී තිබේ. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උකුස්සා සොයාගෙන තිබේ.

මානෙල් පුෂ්ප කුමාරි

නව අදහස දක්වන්න