ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3ක් පෝරකයට | දිනමිණ


 

ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3ක් පෝරකයට

කහවත්ත ඝාතනයට

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී දෙමටගොඩගේ සුනිල් පෙරේරා ‍‍හෙවත් ශාන්ත දෙමටගොඩ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි ), සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා මරණ දඬුවම ඊයේ (31) නියම කළේය.

අධිකරණයේ සාමාන්‍ය නඬු විමසීමෙන් අනතුරුව ඊයේ පස්වරු 1 ට මෙම නඩුවේ තීන්දුව ලබා දුන් අතර තීන්දුව දැන ගැනීමට අධිකරණය ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව සිටියහ. අධිකරණ භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබු තිබිණි.

විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඝාතනයට ලක් වූ දොඩංගොඩගේ සුනිල් පෙරේරා හෙවත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසත්, සිද්ධියේදී තුවාල ලැබූ වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්පාම් දෙදෙනාට එක් අයෙකු විසින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරයා විසින් නියම කළේය.

මෙම වන්දි නොගෙවන්නේ නම් තවත් මාස 24 ක් බැගින් වු බරපතළ සිරදඩුවම් ද නියම කරන බවත් විනිසුරුවරයා කීවේය.

නව අදහස දක්වන්න