ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවකට ඡන්ද දායකයා පෙළගැසෙන බව විශ්වාසයි | දිනමිණ


 

ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවකට ඡන්ද දායකයා පෙළගැසෙන බව විශ්වාසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ සාර්ථක කොට මුළු රටේම ජනතාවගේ පැතුම් මල්පල ගන්වන්න මෙවර මැතිවරණයේදී ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න ඡන්දදායකයා පෙළගැසෙතැයි තමා විශ්වාස කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේබව සඳහන් කළේ ඊයේ(31) කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය.........මෙවර මැතිවරණයෙදී තමයි සාමාන්‍ය පොදු ජනතාව හිතන්නේ රට ගොඩනගන්න තිබෙන අන්තිම අවස්ථාව තමයි මේ අවස්ථාව.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් එකම රටක් එකම නීතියක් යටතේ මේ රට හදන්න බැරිනම් එතැනින් එහාට ලංකාවේ අනාගතය පිළිබඳව බලාපොරොත්තු තබා ගත නොහැකි බව තමයි පොදු ජනතාවගේ මතය. ඒ නිසා ඒ මහතාට වැඩකරන්න අවශ්‍ය ශක්තිය ලබාදීම සඳහා වැඩකරන්න පුළුවන් ආකාරයේ අණපනත් වෙනස් කරන්න හැකි ආකාරයට ප්‍රබුද්ධ පාර්ලිමේන්තුවක් ලබාදීම සඳහා නිරායුධ අවිහිංසක ජනතාව පෙළගැසි සිටිනවා කියලා මම විශ්වාස කරනවා.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න