සජිත් ප්‍රේමදාස
තමා ඇමැතිවරයකු වශයෙන් සිටියදී ශාසනයේ හා සංස්කෘතික දියුණුව වෙනුවෙන් කළ දේ වරදක් නම් සිරගත වීමට වුවද සූදානම් බව සමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. සමඟි ජන ජනබලවේගයේ වත්තල පැවති ප්‍රධාන රැලියකට සහභාගි වෙමින් හෙතෙම ඊයේ (31) මේ බව ප්‍රකාශ කළේය. ‘දැන් අපිටත් චෝදනා කරනවා අපේ කාලවකවානුව තුළ මුදල් අවභාවිත කළයි කියලා. අපි කරපු කියපු හැම දෙයක්ම කරලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා. මෑත ඉතිහාසයේ අටමස්ථානයට, සොළොස්මස්ථානයට, දීඝවාපියට, පන්සල් පද්ධතියට මේ තරම් විශාල මුදල් කන්දරාවක් මෑත ඉතිහාසයේ කිසිම දවසක වෙන් කළේ නැහැ. අපේ ඉතාමත් ශ්‍රද්ධාවෙන් ආගමට භක්තිය තියෙන ලැදියාව තුළ ඒ වැඩකටයුතු සියල්ලක්ම ක්‍රියාත්මක කළා.
ශිවන්ති ප්‍රනාන්දු
නව අදහස දක්වන්න